| Share |
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ “තාරුණ්‍යට හෙටක්’’ සංවිධානය විසින් කොළඹ මහ නගර සභාවට අයත් හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනය බාස්කට් බෝල් ක්‍රීඩාංගනයක් ලෙස පවත්වා ගෙන යාම සඳහා කුළියට ගෙන ඇති අතර ඒ සඳහා මාසිකව රුපියල් එක්ලක්ෂ පහලොස් දහසක් (1,15,000/-) ගෙවිය යුතුව ඇති අතර එහෙත් එම මුදල ගෙවීම දිගින් දිගටම පැහැර හරිමින් සිටින බව වාර්තා වේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා පළාත් පාලන ඇමතිවරයාගේ අනුමැතිය යටතේ LGD/06/B/02/M02/2011 දරණ බස්නාහිර පළාත් සභා කොමසාරිස්ගේ ලිපියකට අනුව කොළඹ මහ නගර සභාවේ හිටපු කොමසාරිස් ඕමාර් කාමිල් මහතා විසින් මෙම ක්‍රීඩාංගනය වසර 20 කට තාරුණ්‍යට හෙටක් සංවිධානයට කුළියට දී ඇත. ඒ අනුව 2001 දෙසැම්බර් 11 වන දින සිට 2031 දෙසැම්බර් 11 දක්වා මෙම බදු ගිවිසුම ක්‍රියාත්මක වේ. කෙසේ වුව ද මෙම පැවරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට ඉහතදී ලබා දී ඇති තීන්දුවකට මුළුමනින්ම පටහැනි වේ. ඒ අනුව මෙම ගණුදෙනුව මගින් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 218/2008 දරණ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ජනාධිපතිවරයා විසින් නොසලකා හැර තිබේ.
එම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ලබා දී ඇත්තේ කොළඹ මහ නගර සභාව විසින් සී/ස අබාන්ස් සමාගම සමග අත්සන් කළ වසර 25 ක බදු ගිවිසුමකට එරෙහිව ය. එහි දී නඩු තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර ඇත්තේ නගරාධිපතිවරයා පත් වන්නේ වසර 5 ක් වැනි කෙටි කාලයකට බවත් වසර 25 ක් වැනි දීර්ඝ කාලයකට අත්සන් කරන බදු ගිවිසුම්වලට වග උත්තර බැදීමට ඔහුට පුළුවන් කමක් නොමැති බැවින් එවැනි දීර්ඝ කාලීන බදු ගිවිසුම් සඳහා එළඹීම නීත්‍යානුකූල නොවන්නා සේම හානි දායක ප්‍රතිඵල ගෙන දෙන්නක් බවයි.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|












