| Share |
ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය පසු ගිය 28 වනදා දළදා පෙරහැර නැරඹීමට හේතුවෙන් එම පෙරහැර නැරඹීමට පැමිණ සිටි ආදීවාසී නායකයා ඇතුළු ඔහුගේ රැහේ උදවියට බලවත් අසාධාරණයක් සිදුවී ඇති අතර ඔවුහු පෙරහැර නොබලාම පෙරලා දඹානට ගොස් ඇති බව දළදා මාළිගාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති ආර්යාව පැමිණිබව දන්වා පෙරහැර නැරඹීම සඳහා සම්ප්‍රධායිකව ලබාදෙන අසුන්වලින් තමන් ඇතුළු තම රැහේ හතලිහකට ආසන්න පිරිසක් අසුන්වලින් ඉවත් කිරීමට දළදා මාළිගාවේ බලධාරීන් කටයුතු කළ බව ආදීවාසී නායක වන්නිලා ඇත්තෝ පවසයි.
වාර්ෂිකව පැවැත් වෙන ඇසළ පෙරහැර සමයේ මී පැණි පූජා කිරීම වැදි රැහේ චිරාගත සම්ප්‍රධායක් බව පවසන ආදීවාසී වන්නියලැ ඇත්තන් එම සිරිත සිය පියා වන ඌරුවරිගේ තිසාහාමි ඇත්තන් ගේ කාලයේ නැවත අරඹා තමන් ද වසර 15 ක් තිස්සේ පවත්වාගෙන ආ බව කියා සිටී.
දළදා මාළිගාවේ බලධාරීන්ගේ නොසැලකිල්ලට පත් වන්නට තමන්ට සිදු වූයේ මෙවර මී පැණි පූජාව සඳහා පසුගිය 28 වන දා මහ නුවරට පැමිණි විටදී බව ඔහු සඳහන් කරයි. එදින උදෑසන දඹානෙන් පිටත් වූ ආදි වාසීන් පිරිස උදෑසන 10.00 වන විට පූජාව නිමා කොට මාළිගාවේ නිලමේවරුන් හා ලේකම්වරයා මුණගැසී තිබේ. එහි දී තමන් ඇතුළු 40 ක පිරිසකට පෙරහැර නැරඹීමට ආසන පහසුකම් ඉල්ලූ බවත් මාළිගාවේ ලේකම්වරයා එම කටයුත්ත ජයම්පති නැමැති නිලධාරියෙකුට පැවරූ බව පවසන ඌරුවරිගේ වන්නියලැ ඇත්තන් ඉන්පසු තමන් ඇතුළු පිරිස මහ නුවර අවට සිද්ධස්ථාන වැද පුදා ගන්නට ගිය බව සඳහන් කරයි.
පසුව සවස් වරුවේ පෙරහැර නැරඹීම සඳහා පැමිණි විට තමන්ට වෙන් කළ අසුන් නොවූ හෙයින් ආදි වාසීන් ඒ පිළිබඳව විමසා ඇත. මේ පිළිබඳව අදහස් දැක්වූ වන්නිලා ඇත්තන් පවසා සිටියේ “ජනාධිපති හූරාගේ මහ තැනීලා ඇත්තෝ මංගච්ච වෙනවා යැයි කියමින් තමන් ඇතුළු පිරිස සඳහා වෙන්කර තිබූ ආසන පැහැර ගැනීමෙන් තමන්ට හා තම රැහේ ඇත්තන්ට මදි පුංචිකම් කළ බවයි.’’
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











