| Share |
ආණ්ඩුවේ ලේක් හවුස් පුවත් පත් ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර නොහොත් මල් මාමා මහතා ඔහුගේ සමීපතම හිතවතියක වන ශ්‍යාමා නැමැත්තියකට එම ආයතනයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත පරිසර සඟරාවක සංස්කාරක ධූරයක් පිරිනමා ඇති බව ලේක් හවුස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ලේක් හවුස් කතෘ මණ්ඩල අධ්‍යක්ෂක සීලරත්න සෙනරත් මහතා විසින් මල් මාමාට හඳුන්වා දී ඇති ඇය පසුගිය දා සභාපතිවරයා සමඟ පරිසරය නැරඹීම සඳහා මාදු ගගේ බෝට්ටු සවාරි ගොස් අසළ ඇති හෝටලයක නැවතී සිටි අයුරු ලේක් හවුසියේ ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇත.
මෙම සඟරාවේ නියෝජ්‍ය සංස්කාරකවරිය ලෙස යෝජනා වී ඇති සුභාෂි දේශප්‍රිය නැමැත්තියට එම තනතුර ලබා දුන හොත් තමා සංස්කාරක ධූරයෙන් ඉවත් වන බවට ශ්‍යාමා සංස්කාරකවරිය මල් මාමාට තර්ජනය කොට ඇත.
සුභාෂි දේශප්‍රිය යනු ලක්බිම ප්‍රවෘත්ති කතෘ සම්පත් දේශප්‍රිය මහතාගේ නැගණියයි.
මේ වන විට ලේක් හවුස් ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන “සන්ඩේ ඔබ්සවර්’’ පුවත් පතේ අලෙවිය බරපතල ලෙස කඩා වැටී ඇතැයි එහි සේවක වෘත්තිය සමිති ප්‍රධානියෙකු අප වෙත පැවසී ය. මීට මාස කිහිපයකට පෙර පිටපත් එක්ලක්ෂ විසි දහසක් මුද්‍රණය කළ සන්ඩේ ඔබ්සවර් පුවත්පත මේ වන විට මුද්‍රණය කරනු ලබන්නේ පිටපත් හැට හත් දාහක් පමණි. එම පිටපත් ප්‍රමාණයෙන් ද 20% වැඩි ප්‍රමාණයක් අලෙවි නොවී නැවත ලැබෙන බව වාර්තා වේ.
මෙම පුවත් පතේ සේවය කරන ආරක්ෂක ප්‍රවෘත්ති සංස්කාරක ශානිකා ශ්‍රියානන්ද මහත්මිය හා ව්‍යාපාරික ප්‍රවෘත්ති සංස්කාරක සුරේඛා මහත්මිය එම පුවත්පත් ආයතනයේ අභ්‍යන්තර ගැටළු හේතුවෙන් මේ වන විට ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇත. එම පුවත් පත මෙසේ අලෙවිය දිනෙන් දින කඩා වැටෙමින් තිබිය දී එහි ප්‍රධාන කතෘ දිනේෂ් වීරවංශ මහතා පුවත් පතේ වියදමින් ඔලිම්පික් තරඟ වාර්තා කිරීම සඳහා ලන්ඩනයට ගොස් සිටින බව වාර්තා වේ.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|












