| Share |
පකිස්තානය සමඟ පැවති ටෙස්ට් තරඟාවලියේ සජීව විස්තර විචාරයන් ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ ප‍්‍රචාරය කිරීමට ලබාදුන් ප‍්‍රවාහන පහසුකම් එම වැඩසටහනේ නිෂ්පාදකවරයා අනිසි ලෙසින් භාවිතා කර ඇති බව වාර්තා වේ.
පල්ලෙකැලේ පැවති ටෙස්ට් තරඟය ආවරණය කිරීමේදී, නිෂ්පාදකවරයාට ලබාදුන් වාහනය කිලෝ මීටර් 986ක් ධාවනය කොට ඇති බවට අනාවරණය වී ඇතැයි ගුවන්විදුලි සංස්ථා ආරංචි මාර්ග කියා සිටී.
එහිදී සිදුව ඇත්තේ, තරඟය පැවති සෑම දිනයක අවසානයේදී විස්තර විචාරකයාගේ මාතලේ පිහිටි නිවසට නිෂ්පාදකවරයා ගොස් ඇති බවයි.
එමෙන්ම, විස්තර විචාරකයාගේ බිරියගේ ඥාතියෙකුගේ මරණයක් සිදුවී ඇති අතර, එහි කටයුතු සඳහා ද අදාළ වාහනය භාවිතා කොට ඇත.
සූරියවැව පැවති ටෙස්ට් තරඟයේදී ද ගුවන්විදුලියේ නිෂ්පාදකයා තමාට ලබාදුන් වාහනය අනිසි ලෙසින් භාවිතා කොට තිබේ.
කෙසේ වෙතත්, මෙය යට ගැසීමට සංස්ථාවේ උසස් නිලධාරියෙකු හා නිලධාරිනියක උත්සාහ කරන බව එහි සේවක සේවිකාවන් චෝදනා කරයි.
මිටි තැනින් වතුර බැස යන්නා සේ, අවසානයේ නිෂ්පාදකයාගේ නියමයෙන් වාහනය ඔහුට අවශ්‍ය පරිදි ධාවනයට යොදා ගෙන ඇතත්, එහි රියදුරාගෙන් අමතර වියදම කපා ගන්නා ලෙසට උසස් නිලධාරියා අසාධාරණ නියෝගයක් නිකුත් කොට ඇත.
ගුවන්විදුලි සංස්ථාව තුල මෙවැනි ආකාරයේ අකටයුතුකම් හා අසාධාරණකම් කොතෙක් සිදු වුවද, රට වටා කුණු අවුස්සමින් සිටින එහි සභාපතිවරයාට තමා පාලනය කරන ආයතනයේ සිදුවන මෙවැනි සිද්ධීන් නොපෙනෙන්නේ මන්දැයි එහි සේවක සේවිකාවන් ප‍්‍රශ්න කර සිටී.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











