| Share |
පසුගිය ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂක, හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ න්‍යායාචාර්යවරයා ලෙස බස්නාහිර පළාත් සභා එජාප මන්ත්‍රී නීතිඥ ශිරාල් ලක්තිලක මහතා කටයුතු කරන බව වාර්තා වේ.
ලක්තිලක මහතා මීට පෙර සජිත් ප්‍රේමදාස මහතාගේ ද දේශපාලන න්‍යායචාර්යවරයා ලෙස කටයුතු කළ ද පසුගිය දා ඔවුන් දෙදෙනා අතර ඇති වූ මත ගැටුමක් හේතුවෙන් නීතිඥ ලක්තිලක මහතා ජෙනරාල් ෆොන්සේකා මහතාට සමීපව සිටී.
ෆොන්සේකා මහතා ඒකාබද්ධ විපක්ෂයට එක් කර ගැනීම සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හා ෆොන්සේකා මහතා අතර දුරකතන සංවාදයක් ඇති කිරීම සඳහා එජාප මන්ත්‍රීවරයෙකු උත්සාහ දරා ඇති අතර ෆොන්සේකා මහතාගේ වත්මන් න්‍යායාචාර්යවරයා තම පක්ෂයේ විනය කඩ කිරීමේ චෝදනා මත විනය පරීක්ෂණයකට භාජනය වී ඇති පුද්ගලයෙකු බව එජාප නායකවරයාට දැන ගැනීමට ලැබීමත් සමඟ ඔහු ෆොන්සේකා මහතාට කතා කිරීම ප්‍රතික්ෂේප කොට තිබේ.
ෆොන්සේකා මහතා බන්ධනාගාරයෙන් නිදහස් වීමෙන් පසු ඔහු හා එජාප නායකයා අතර මේ දක්වා අවම වශයෙන් දුරකතන සංවාදයක් හෝ පැවතී නොමැත. පසුගිය දා පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු එජාප මන්ත්‍රීවරුන් කීප දෙනෙකු ෆොන්සේකා මහතා හමු වූ අවස්ථාවේදී ඔහුගේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ටිරාන් අලස් මහතා ඉතා දැඩි ලෙස පවසා ඇත්තේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ජෙනරාල් ෆොන්සේකා කිසියම් හෝ ගණුදෙනුවක් ඇරඹුවහොත් තමා එවේලේම ජෙනරාල් ෆොන්සේකා මහතාව හැර යන බවයි.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











