| Share |
මෙවර උතුරු මැද පළාත් සභාවේ මහ ඇමතිකම අපේක්ෂාවෙන් සන්ධානය යටතේ යළිත් තරඟ වැදී සිටින බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රිලනිප ප්‍රධානීන් කිහිප දෙනෙකුගේ කැපිල්ලක් පවතින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ජනාධිපතිවරයාට හිතවත් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයා ඔහුගේ සොයුරෙකු මෙම මැතිවරණයට ඉදිරිපත් කර ඇති අතර, ඔහු තම සොයුරාගේ ඡන්ද ව්‍යාපාරය තුල බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් කර ඇත. තව ද රජරට නායකයා ලෙස පෙනී සිටින ශ්‍රීලනිප මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා ද බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට එරෙහිව ප්‍රසිද්ධියේම කටයුතු කරයි.
අප වෙත වාර්තාවන පරිදි බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ ජේෂ්ඨ පුත් නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට රාජ යෝගයක් ඇතැයි වාර්තා වීමත් සමඟ මෙම කැපිලි කෙටිලි ආරම්භ වී තිබේ. නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අග්‍රාමාත්‍ය දිමූ ජයරත්න මහතාගේ බෑණා ද වේ.
මෙම තත්වය යටතේ තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඔහුගේ නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මුළුමනින්ම නොසලකා හරින තත්වයට පත්ව ඇත. මේ වන විට තරුණ සේවා සභාවේ කටයුතු මෙහෙයවනු ලබන්නේ නාමල් රාජපක්ෂ මහතාගේ ගෝලයෙකු වන නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා ය. තරුණ සේවා සභාපතිවරයා නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාව කිසිදු ලෙසකින් මායිම් නොකර නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත තරුණ සේවා සභාවේ කටයුතු මෙහෙයවනු ලබයි. මෙම මැතිවරණයේදී බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට එතරම් ප්‍රසිද්ධියක් ලබා නොදෙන ලෙස ආණ්ඩුවේ ප්‍රධානියෙකු රජයේ මාධ්‍යන්ට දන්වා ඇති තත්වයක් යටතේ පෞද්ගලික මාධ්‍ය සහාය ලබා ගැනීමට බර්ටි ප්‍රේමලාල් මහතාට සිදු වී ඇත.
කෙතරම් කැපිලි කෙටිලි පැමිණිය ද තමා වාර්තාගත ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් නැවතත් මහ ඇමති ධූරයට තේරී පත් වන බව බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා පෞද්ගලික මාධ්‍ය ආයතනයකට අවධාරණය කර තිබේ.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|












