| Share |
කුරුණෑගල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැඩි ස්ථාවරයක සිටින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
දයාසිරි මන්ත්‍රීවරයා ගෙන්වා කරුණු විමසන ලෙස කබීර් හෂීම් මන්ත්‍රීවරයා කළ ඉල්ලීම එජාප නායකයා විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ. කබීර් හෂීම් මන්ත්‍රීවරයාගේ නිවසේදී පසුගිය දා දයාසිරි මන්ත්‍රීවරයා සමඟ සාකච්ඡාවක් පවත්වා තිබූ අතර ඒ සඳහා මලික් සමරවික්‍රම මහතා සහ සාගල රත්නායක මහතා සහභාගි වී තිබේ. එහි දී දයාසිරි මන්ත්‍රීවරයා විසින් එජාප නායකයා වෙත කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇත.
පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගනු ලැබූ තීන්දු තීරණ වලට පිටු පා පක්ෂයත් පක්ෂ නායකත්වයත් කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණත් ප්‍රසිද්ධියේ විවේචනය කරමින් ඒ සම්බන්ධයෙන් කොන්දේසි පනවන පුද්ගලයින් සමඟ සාකච්ඡා කිරීමට තමා කිසිම සූදානමක් නැතැයි එජාප නායකවරයා කබීර් හෂීම් මහතා වෙත පවසා ඇත.
මේ අතර පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා වෙත උපදෙස් දී ඇති එජාප නායකයා පක්ෂයේ විනය කඩන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා මින් ඉදිරියට කටයුතු කරන ලෙසට උපදෙස් දී තිබේ. මේ අනුව සබරගමුව, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සභා මැතිවරණ අවසන් වූ වහාම මැතිවරණ කාලය තුල විනය කැඩූ අයට එරෙහිව විනායානුකූල පියවර ගැනීමට කටයුතු සූදානම්ව ඇති බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම විනය කඩ කරන කිසිවෙකුට ඉදිරියේදී පැවැත්වෙන පක්ෂ නිලවරණයේදී නියෝජ්‍ය නායක, උප නායක, ජාතික සංවිධායක වැනි නායක මට්ටමේ තනතුරු සඳහා තරඟ කිරීමට ඉඩ නොලැබෙන බවද වාර්තා වේ.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











