Lanka News Web

අර්බුදයට ලක්වෙලා තියෙන්නේ ප්‍රථපලය පමණක් නො වෙයි අපේ ජීවිත - 'Z' ස්කෝර් වින්දිතයන්

Share

"මේ අර්බුදයට ලක්වෙලා තියෙන්නේ ප්‍රථපලය පමණක් නො වෙයි අපේ ජීවිත,අවුරුදු 13ක අපේ මහන්සිය සහ අපේ අම්මලාගේ බලාපොරොත්තු" යැයි පවසා සිටියේ එසෙඩ් ස්කෝර් අර්බුධයෙන් අර්බුදයට පත් කළවාන ප්‍රදේශයේ සිසුවියකි.

ඉසෙඩ් ස්කොර් අර්බුධයෙන් අසාධාරණයට පත් වූ සිසුන් විසින් කළවාන නගරයේ දී සත්‍යග්‍රහයක් ආරම්භකර අදට දින11 කි. ඊයේ (03) එම සිසුන් විසින් ඊයේ මාධ්‍ය සාඛච්ඡාවක් කැඳවා තිබූ අතර එම මාධ්‍ය හමුවට අසාධාරණයට පත් සිසුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි,අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර,නව සම සමාජ පක්ෂයෙන් ධර්මසිරි ලංකාපේලි,ප්‍රැක්සිස් සාමුහිකයේ විදර්ශන කණ්නංගර යන අය සහභාගී වී තිබුණි.

එක්සත් ජාතික පක්ෂයට,ජනතා විමුක්ති පෙරමුණට සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ඉසෙඩ් ස්කෝර් අර්බුදයෙන් අසාධාරණයට පත් වූ සිසුන්ගේ මාධ්‍ය හමුවට සහභාගී වීමට ආරාධනා කර තිබුණ ද එම පක්ෂ වලින් කිසිවකු සහභාගී නො වීය.

අපට සහන අවශ්‍ය නෑ සැමට සාධාරණයක් අවශ්‍ය යි

එම මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ ඉසෙඩ් ස්කෝර් අර්බුදයෙන් අසාධාරණයට පත් වූ අනූෂා සඳමාලි මාපලගම සිසුවිය ප්‍රකාශ කර සිටියේ ඔබ සියලු දෙනාම දන්නා ඇති ඇයි අප මේ සත්‍යග්‍රහ ව්‍යාපාරය සිදුකරන්නේ කියලා. අප සත්‍යග්‍රහය ආරම්භ කරලා දවස් 11 වෙනවා මේ වෙද්දි. සිසුන් 40 එම සත්‍යග්‍රහයට සහභාගී වී සිටිනවා. මේ වෙද්දි සිසුන් 6 දෙනෙක් අසනීප වී තිබෙනවා.

අපේ අම්මලා තාත්තල ඉතාම අමාරුවෙන් තමයි අපට ඉගෙන ගැනීමට වියදම් කළේ. අද මේ මාධ්‍ය සාකච්ඡාවට පවා අප කළවානේ සිට කොළඹ පැමිණියේ ඉතා දැඩි ආර්ථික දුෂ්කර තා මැද්දේ.එහෙව් අපට යි බලධාරීන් මේ කොකා පෙන්වමින් සිටින්නේ.

පළමුවෙන් ප්‍රථිඵල නිකුත් කරලා අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කරනු ලැබුවා එම ප්‍රතිඵලය ඉතාම නිවැරදි කියලා. නමුත් එය නැවත සංශෝධනයක් වෙත යෙමුවූවා. ඉන්පසුව නැවත මාස 7 අප බලාපොරොත්තු දල්වාගෙන සිටියේ අවුරුදු 13 ක මහන්සියේ ප්‍රථිඵලයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගන්න.

නමුත් දෙවන ප්‍රතිපළ නිකුත් කිරීමෙ දි සිදුවූයේ පැරණි නිර්දේශය යටතේ විභාගයට ඉදිරිපත් වුණු සියල්ලන්ට විශාල අසාධාරණයක්. ඉන්පුස එම අසාධාරණය නිවැරදි කරන්න ඔවුන් යෝජනා කරන්නේ අප අවුරුදු දෙකක් තිස්සේ සූදානම් වූ විභාගයට දවස් 13 ක් ඇතුළත යළිත් විභාගයට ඉදිරිපත් වෙන්න කියලා.එය කිසිම ආකාරයකින් ප්‍රයෝගික නො වන බව හැමෝටම වැටහෙනවා.

එපමණක් නො වෙයි තව නොබෝ දිනකින් 2012 උසස් පෙළ විභාගය ආරම්භ වෙනවා,එම විභාගයට පැරණි සහ අලුත් නිර්දේශයන්ගෙන් සිසුන් ඉදිරිපත් වෙනවා. ඔවුන්ට ද අපට ද කිසිම ක්‍රමවේදයක් නොමැතිව තමයි අධ්‍යාපන අමාත්‍යවරයා අපට නැවත 4 වැනි වතාවටත් නැවත උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන්න කියලා යෝජනා කරන්නේ.

මේ ප්‍රශ්නය සම්බන්ධව අප හමුවීමට පැමිණ එකම අධ්‍යාපන බලධාරියා උසස් අධ්‍යාපන අමාතංශයේ සහකාර ලේකම්වරායෙක් පමණ යි. ඊට අමතරව විජිතමුණි සොයිසා සහ ජනක වක්කුඹුර කියන දේශපාලඥයන් දෙදෙනා පැමිණියි. ඔවුන් කියන්නේ අපට සහනයක් කරන්නම් කියා. අපට සහන අවශ්‍ය නෑ. අපට සිදු වූ අසාධාරණයට සෘජු පිළීතුරක් අවශ්‍ය යි යනුවෙන් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියාය.

සමාජයේ විශ්වාසය බිඳවැටීම බරපතල තත්ත්වයක්

මෙහිදී අදහස් දැක්වූ විශ්ව විද්‍යාප ආචාර්යවරුන්ගේ සංගමයෙ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි ප්‍රකාශ කර සිටියේ මෙම ප්‍රශ්නයේ දී අප බෑරෑරුම් ලෙස විමසා බැලිය යුතු පැතී කීපයක් තිබෙන බව යි.එක පැත්තකින් ඒ සිසුන් ප්‍රකාශ කළ ආකාරයෙන්ම ඔවුන් තුළ අපේකාභංගත්වයක් ඇතිවෙලා තිබෙනවා. එය ඉතා බරපතල තත්ත්වයක්.

විශේෂයෙන්ම උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලය වෙත් යෑම ග්‍රාමීය ප්‍රදේශවල සිටින තරුණ තරුණියන්ට තමන්ගේ ජීවිතය පිළිබඳ ඉතාම තීරණාත්මක අවස්ථාවක්. එය සීමිත අවස්ථාවලින් එකක්. ඒ සම්බන්ධයෙන් පවතින්නා වූ විශ්වාසය කඩා වැටීම යනුවෙන් අදහස් වන්නේ එය ඔවුන්ගේ පුද්ගලික ප්‍රශ්නයක් පමණක් නො වෙයි එය පුළුල් සමාජ ප්‍රශ්නයක්.

ඊට අමතරව පොදුවේ විභාග ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිසුන්ගේ විශ්වාස බිඳ වැටීම ද එවැනිම වූ බරපතල තත්ත්වයකි. අධ්‍යාපන ආයතන සම්බන්ධයෙන් ප්‍රශ්න තිබුණ ද මීට පෙර විභාග සම්බන්ධ අවිශ්වාසයක් තිබුණේ නෑ. එවිට මේ විශ්වාසය නැති වෙනවා යැයි කියන්නෙම ඉතා බරපතල තත්ත්වයක් යන්න ඔහු තවදුරටත් විග්‍රහ කර සිටියේ ය.

මේ තත්ත්වය තුළ ජනයා සියලු ආයතන විශ්වාස නො කිරීමේ තත්ත්වයක් දැන් නිර්මාණය වී පවතාවා. ඉන් පසුව ජනයාට දොස් පැවරීමෙන් වැඩක් නෑ නීතිය අතට ගත්තා කියා. ඕනෑම දෙයක විශ්වාසය බිඳ වැටීමෙන් පසුව මිනිසුන් ඒවාට ප්‍රතිචාර දක්වන විධි ක්‍රම තිබෙනවා. විශේෂයෙන් තරුණ තරුණියන්ගේ විශ්වාසය බිඳ වැටුනාම ඔවුන් ප්‍රතිචාර දක්වන ආකාරය වෙනස්. එක්කෝ ඔවුන් සමාජය වෙත ප්‍රතිචාර දක්වනවා. නැතිනම් ඔවුන් තමන්ටම ප්‍රතිචාර දක්වා ගන්නවා. එය සමාජයක් ලෙස භයානක තත්ත්වයක් වෙන්න පුළුවන්.

නලින්ද සිල්වා මහාචාර්යවරයා දිගටම ප්‍රකාශ කරනු ලබනවා ඇමතිවරු මෙයට වගකිවයුතු නෑ කියලා. නමුත් එසේ නම් ඇයි ජනතා මුදලින් එම ඇමතිවරු තබාගැනීමේ අරමුණ. ඔවුන් ඉන්නේ අදාල අවස්ථාවක දී අදාළ ගැටළුවක වගකීම දැරීමට. නමුත් ලංකාවේ එසේ වගවීම් සිදුවන්නේ නෑ.

මෙන්න මෙය තමයි අපි සැලකිල්ලට ගත යුතු ප්‍රශ්නය යනුවෙන් නිර්මාල් රංජිත් දේවසිරි අවසාන වශයෙන් පැවසීය.

මෙම මාධ්‍ය හමුවේදී ධරමසිරි ලංකාපේලි,සංජීව බන්ඩාර,විදර්ශණ කණ්නංගර යන අය ද තම අදහස් දැක්වීය. ඔවුන් සියලු දෙනා රජයට බලකර සිටියේ මෙම සිසුන්ගේ ගැටලුව විසඳන ලෙසයි. ඒවගේම මෙම සිසුන්ගේ අරගලය තනි නො කරන ලෙස ද දේශපාලන පක්ෂ,සිවිල් සංවිධානයන්ගෙන් ඔවුන් ඉන්නා සිටියේය.

අවසානයේ අසාධාරණයට පත් සිසුන් පවසා සිටියේ ඉසෙඩ් ස්කෝර් අර්බුධයෙන් අසාධාරණයට පත් සියලු සිසුන්ට සාධාරණය ඉටුවන තුරු තමන්ගේ සත්‍යග්‍රහය නවත්වන්නේ නොමැති බව යි.

- 2.yukthiya.com

Share

AddThis Social Bookmark Button