Lanka News Web

බැසිල් අගමැති කිරීමට ඉන්දීය සහාය

Share

ඉදිරි කැබිනට් සංශෝධනයේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම සඳහා ඉන්දීය රජයේ ප්‍රභලයෙකු පෙරමුණ ගෙන ඇතැයි වාර්තා වේ. නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන කෝටිපති ව්‍යාපාරික තිරු නඩේෂන් මහතා එහි සම්බන්ධීකාරකයා ලෙස කටයුතු කරයි.

 

බැසිල් රාජපක්ෂ මහතා අගමැති කරවන බවට ඉන්දීය රජයේ ප්‍රභලයෙකු පසු ගිය දා අවධාරණය කර සිටි බව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට හිතවත් ආණ්ඩු පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ තරුණ මන්ත්‍රීවරයෙකු පසු ගිය දා ඔහු ගේ සමීපතම හිතවතුන් කිහිප දෙනෙකුට පවසා ඇත. ඔහු එම කාරණය සඳහන් කොට ඇත්තේ කෝට්ටේ හිටපු නගරාධිපති නීතිඥ චන්ද්‍රා ද සිල්වා මහතාගේ දියණියගේ විවාහ මංගල උත්සවයේදී ය.

බැසිල් රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කිරීම සඳහා මේ වන විට පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතර ඊට අදාල රහස් සාකච්ඡා ගණනාවක් පසු ගිය දින කිහිපයේ දී කොළඹ හිල්ටන් හෝටලයේ පවත්වා ඇත. කොළඹ හිල්ටන් හෝටලයේ සභාපති වන්නේ තිරු නඩේෂන් මහතායි.

හිල්ටන් හෝටලයේ පැවති සාකච්ඡා ජේෂ්ඨ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ද, ඇමතිවරුන්ගේ සම්බන්ධීකරණ ලේකම් වරුන් කිහිප දෙනෙකු ද, විපක්ෂයේ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු ද වරින් වර එම සාකච්ඡාවලට සහභාගි වී ඇත.

මෙම තත්වය යටතේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට එරෙහිව නාමල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ මාධ්‍ය මෙහෙයුමක් ද ක්‍රියාත්මක වේ. ඔහු ඒ සඳහා පෞද්ගලික පුවත් පත් කිහිපයක් යොදා ගෙන ඇත.

Share

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2012 අගෝස්තු 01 වෙනි බදාදා, 11:53