| Share |
ජනාධිපතිවරයා විසින් පත් කළ උගත් පාඩම් හා ප්‍රති සන්ධාන (LLRC) කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කර වීමට අවශ්‍ය මතවාදීමය සහාය ලබා දීමට ආණ්ඩුවේ ප්‍රභලයින් පිරිසක් කටයුතු කරමින් සිටින අතර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එහි ප්‍රධාන සම්බන්ධීකාරකයා ලෙස කටයුතු කරයි.
වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, ඩියු ගුණසේකර, චන්ද්‍රසිරි ගජධීර ආදී “වාමාංශික අදහස් ’’ දැරූ අමාත්‍ය වරුන් මෙන්ම හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක, ජොන් සෙනෙවිරත්න, ඩිලාන් පෙරේරා, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා වැනි ශ්‍රීලනිප ජේෂ්ඨයින් ද මේ සඳහා එකඟ තාවය පළ කර තිබේ.
LLRC නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව යහපත් ප්‍රතිචාරයක් නොදැක්වුව හොත් ඉදිරියේ දී ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමේ අපහසුතාවය පෙන්වා දී ඇති අමාත්‍යවරුන් LLRC නිර්දේශ ක්‍රියාත්මක කිරීම වැලැක්වීමට කටයුතු කරන චම්පික රණවක හා විමල් වීරවංශ යන අමාත්‍යවරුන්ගේ මතවාදයන්ට එරෙහිව පුළුල් මතවාදයක් ගෙන යාමට ද තීරණය කර තිබේ.
LLRC නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු ආකාරය සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කර ඇති අතර LLRC නිර්දේශ විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය එම කමිටුව අවධාරණය කර ඇත.
තව ද LLRC නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නම් කිසිදු තනතුරක් හෝ වරප්‍රසාදයක් නොබලා ඒ සඳහා සහාය දෙන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ජනාධිපතිවරයාට සහතික වී තිබේ. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය හා ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් කෙටුම්පත් කරන ලද ඒකාබද්ධ වැඩ සටහනක් එජාප නායකයා ඇතුළු ජේෂ්ඨ නායකයන් විසින් මීට සති කිහිපයකට පෙර ජනාධිපතිවරයාට ලබා දුන්නේ ය.
උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කරන්නේ නම් කොන්දේසි විරහිතව ඊට සහාය ලබා දෙන බව වාමාංශික පක්ෂ කිහිපයක නායකවරුන් පසුගිය දා ප්‍රකාශ කළ අතර වාමාංශික එක්සත් පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා මේ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් කර තිබිණ.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|