Lanka News Web

එදා සූරයා පරදා පබා මෙදා සූරිය වේ!

Share

“එදත් සූරයා - අදත් සුරයා’’ චිත්‍රපටය නිෂ්පාදනය කළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය නීල් රූපසිංහ මහතා ශ්‍රීලනිප වත්තල සංවිධායක ධූරයෙන් ඉවත් කොට එජාපයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට එක් වූ උපේක්ෂා ස්වර්ණමාලි නොහොත් පබා මන්ත්‍රීවරියට එම ආසන සංවිධායක ධූරය ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

එජාපයෙන් ශ්‍රීලනිපයට එක් වූ සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධූර ලබා දෙන ලෙස ජනාධිපතිවරයා එම පක්ෂයේ මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතාට නියෝග කර ඇත. මේ අනුව පාර්ලිමේන්තුව හා පළාත් සභා නියෝජනය නොකරන ශ්‍රිලනිප සංවිධායකවරුන්ට ස්වකීය සංවිධායක ධූර අහිමි වීමට නියමිත ය.

මේ අතර මහරගම ආසනයේ ශ්‍රිලනිප ආසන සංවිධායක ධූරය භාර ගන්නා ලෙස ජාතික හෙළ උරුමයේ පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් ජනාධිපතිවරයා කළ ඉල්ලීම ඔහු විසින් කාරුණිකව ප්‍රතික්ෂේප කර තිබේ.

Share

AddThis Social Bookmark Button