| Share |
පසුගිය වසර දෙක හමාරක කාලය තුළ ශ්‍රී ලංකාව තුළ වයස අවුරුදු 16 ට අඩු දරු දැරියන් ලිංගික අපයෝජනයට ලක්වීමේ සිද්ධි 2500කට අධික සංඛ්‍යාවක් වාර්තාවී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම පවසයි.
එහි කොමසාරිස් ප්‍රතිභා මහානාමහේවා මහතාට අනුව වෙනත් රටවල් හා සැසදීමේදී මෙම අගය ඉතා ඉහළ අගයකි. එමෙන්ම මෙරට තුළ පවතින වාතාවරණය තුළ වාර්තාවන අපයෝජන සංඛ්‍යාව ඉතා අඩු මට්ටමක පවතින බැවින් සැබෑ අපයෝජන සංඛ්‍යාව මීට වඩා විශාල අගයක් විය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
පසුගිය වසරේදී පමණක් බාලවස්කාර දරුවන් ලිංගිකව කෙළෙසීමේ කිරීමේ සිද්ධීන් 1085 සහ ලිංගික හිංසන පැමිණවීමේ සිද්ධීන් 1050 වාර්තා වී ඇතිබව මෑතකදී නිකුත් වූ පොලිස් වාර්ථාවක දැක්වෙයි.
එම වාර්ථාවේම දැක්වෙන්නේ දරුවන් 758 දෙනෙකු ලිංගිකව කෙළෙසී ඇති අතර 745 දෙනෙකු ලිංගික වඳහිංසාවන්ට ලක්ව ඇති බවයි. එයින් වැඩිම ප්‍රමාණයක් ඔවුන්ගේ පවුලට සම්බන්ධ පුද්ගලයෙන්ගේ සිදුවී ඇති බවද එහි වෙයි.
එම වාර්තා වේ තවදුරටත් දැක්වෙන්නේ දරුවන් 22 නෙකු ඝාතනය වී ඇති බවත් 54 දෙනෙකු පැහැර ගැනීමට ලක්ව ඇති බවත් 10 දෙනෙක් ඝාතනයට උත්සහ දරා ඇති බවත්ය. දරුවන්ට ශාරීරිකව වඳහිංසා පැමිණවීමේ සිද්ධීන් 247 ක් බවයි.
මේ අතර ළමා රක්ෂණ අධිකාරියට මේ තාක් ළමා අපචාර සිද්ධීන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි ගණන 20,000 ක් බව එහි ප්‍රකාශකයෙකු යුක්තිය හා පැවසීය. මෑත කාලයේදී නිකුත් කරන ලද කිසිඳු වාර්තාවක උතුරේ දරුවන්ට සිදුවූ කිසිවක් එම සංඛ්‍යාලේඛන වලට අයත් නොමැති බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
මේ සම්බන්ධයෙන් යුක්තියට අදහස් දැක්වූ ආචාර්ය කුමුදු කුසුම් කුමාර ප්‍රකාශ කර සිටියේ මෙම සිදුවීම් කීප ආකාරයකින් විග්‍රහකරගත යුතු බවයි.
සියලු සමාජ සම්බන්ධතා ඛාදනය වෙලා
විශේෂයෙන් මාධ්‍යයන්හි දියුණුව සමගින් මෙම සිද්ධීන් ජනයාට විවෘත විම වැඩි බව ද අනෙක් පැත්තෙන් ළමා අපචාර සිද්ධීන් වාර්තා කිරීමේදී මාධ්‍යන්ගේ වගකීම ඉතා ඉහළ බවද ආචාර්ය කුමාර ප්‍රකාශය සිටියේ ය.
නමුත් ලංකාවේ සිදුවන්නේ සිදුවන බාල අපචාරා සිද්ධින් හරියාකාරව වාර්තා කරනවා වෙනුවට නාට්‍යාකාරයෙන් ඒවා විස්තර කිරීම බවත්, එහෙත් මාධ්‍යයේ වගකීම පවතින් එතැනින් එහා බවත් පැවසූ ඔහු මාධ්‍ය විසින් සිදුකළ යුත්තේ දරුවන් අපචාරය ලක්වීම වැලැක්වීමට සමාජය දැනුවත් කිරීම බවයි.
මෙලෙස දරුවන් අපචාරයට ලක්වීම ඔස්සේ පෙන්නුම් කරන්නේ සමාජයක් ලෙස අප සමාජය කෙතරම් ඛාදනය වී ඇත්ද යන්න බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.
දිනෙන දින ඉහළ යන ළමා අපචාර සිද්ධීන් ගැන 'යුක්තිය' ට සාමාන්‍ය ජනයා දැක්වූ අදහස් මෙසේ ය.
අපචාර කරන අපරාධ කරන උන් ඔක්කොම එකට ඉන්න ආණ්ඩුවකට ළමයින් ගැන තැකීමක්ද ?- මවක් ( කිරිබත්ගොඩ)
ඕවා කතා කරන්න බයයි - තරුණියක් ( බුලුගහ හංදියි - කැළණිය)
ළමයි විතරක් නොවෙයි අපිටත් පාරේ යන්න බැරි කාලයක්. බලයත් එයාලගේ පොලිසිත් එයාලගේ, නඩුත් එයාලගේ, උසාවිත් එයාලගේ. - ත්‍රී රෝදරථ රියදුරෙක් ( කැළණිය විශ්වවිද්‍යාලය අසල)
- 2.yukthiya.com
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











