| Share |
පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා අයවැය සම්බන්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පෞද්ගලික කෙටුම්පතක් සම්බන්ධව තද බල ලෙස කෝප වී ඇති ජනාධිපතිවරයා තිලංග සුමතිපාල මහතාට අසභ්‍ය වචනයෙන් බැණ වැදී මීලඟ වතාවේ නාම යෝජනා නොදෙන බවට තර්ජනය කර ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ සියළු පක්ෂ නියෝජනය වන පරිදි සැකසෙන අයවැය කාරක සභාවක් මත අයවැය යෝජනා සකස් කළ යුතුය යන්න සුමතිපාල මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී කෙටුම් පතේ සදහන් වේ.
ජනාධිපතිවරයාගේ කෝපයට හේතු වී ඇත්තේ මෙම කෙටුම් පත මගින් මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය මූල්‍ය සම්බන්ධව ජනාධිපතිවරයා භුක්ති විදින අසීමිත සහ ඒකාධිකාරී බලය කප්පාදු කිරීමට සුමතිපාල මහතා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ප්‍රභලයන් කීපදෙනෙකු සමඟ කුමන්ත්‍රණයක නියැලී සිටින බවට විශ්වාස කිරීම නිසා බව ආරංචි මාර්ග කියයි.
“දෙපිට කාට්ටුවා, යටි උගුල් කාරයා’’ වැනි වදන් ද තවත් අසභ්‍ය වචන රාශියක් ද භාවිතා කරමින් ජනාධිපතිවරයා තිලංග සුමතිපාල මහතාට බැණ වැදී ඇත්තේ “යූ.එන්.පී. කොන්ත්‍රාත් ඉටුකරන්නකු’’ ලෙස හඳුන්වමිනි.
කෙසේ වෙතත් සුමති පුවත්පත් සමූහය මගින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කෝප ගන්වන කිසිම ප්‍රවෘත්තියක් හෝ ලිපියක් පළවීමට ඉඩ නොතබමින් ආරක්ෂාකාරී පිළිවෙතක සිටින තිලංග සුමතිපාල මහතා ජනාධිපතිවරයාගේ බැණ වැදීම සම්බන්ධව බලවත් කම්පාවට පත්ව සිටින බව වැඩි දුරටත් පවසයි.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











