| Share |
"සියළු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු" සහ " සම අයිතිවාසිකම් ජාතික සමගිය උදෙසා" යන මැයෙන් මානව හිමිකම් සඳහා වූ ක්‍රියාකාරිකයෝ සංවිධානය විසින් සංවිධානය කරන ලද මහජන පෙත්සමක් අත්සන් කිරීම (28) හවස 3.00 ට කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අතර දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධා රැසක සහභාගීත්වයෙන් පැවැත්වුණි.
වසර ගනනක් තිස්සේ කිසිදු අධිකරණමය ක්‍රියාවලියකට යොමු නොකරමින් රට පුරා රැඳවුම් කඳවුරැ ගණනාවක, දහස් ගණනාවනක් දේශපාලන සිරකරුවන් රඳවාගෙන සිටීමෙන් ඔවුන්ගේ මානව හිමිකම් වත්මන් පාලනය විසින් උල්ලංඝනය කර ඇති බවත් එම නිසා ඔවුන්ව වහා නිදහස් කරන ලෙස හෝ ඔවුන්ට එරෙහිව චෝදනා ඇත්නම් නඩු පවරන ලෙස හෝ ආණ්ඩුවට බල කිරීම සඳහා මෙම මහජන පෙත්සම අත්සන් කෙරුණි.
මෙම අවස්ථාවට දෙමළ සංධානය නියෝනය කරමින් සුරේෂ් ප්‍රේමචන්ද්‍ර,ප්‍රජාත්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය ලේකම් පුබුදු ජාගොඩ ඇතුළු තවත් සමාජ ක්‍රියාකාරිකයන් බෝහෝ පිරිසක් සහභාගී විය.
ජාතිත සමගිය උදෙසා දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න
යුක්තිය වෙත අදහස් දැක්වූ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ සංවිධානයේ ලේකම් භූමිනාදන් පවසා සිටියේ කීපදෙනයි ඉන්නේ කියලා දේශපාලන සිරකරුවන් කියලා ආණ්ඩුව කිව්වත් අපි කියනවා දහස් ගණනක් දේශපාලන සිරකරුවන් සිටින බවයි.
ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ විවිධ කථා නොකියමින් ඔවුන් නිදහස් කර මේ රටේ අනාගතයේ ඇතිවිය හැකි අනතුරක් වලක්වා ගෙන්නා ලෙසයි. මේ රටේ සාමයක් ඇතිකිරීමට උවමනානම් දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම අනිවාර්ය කරුණක් බව ඔහු අවධාරණය කර සිටියේය.
හඬ පටය - භූමිනාදන්
සිංහල දේශපාලන සිරකරුවන් වෙනුවෙන් වැඩකළ මහින්ද අද කොහේ ද?
එහිදී අදහස් දැක්වූ නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න “ දෙමළ ජාතියට නිදහස ලබාගැනීම අරමුණු කරගනිමින් කැරළි ගැසූ මෙම තරුණයන්ට සිරගත වීමට සිදුවී ඇත්තේ දේශපාලන ප්‍රශ්ණයක් නිසා “ බව පැවසීය. එම දේශපාලන ප්‍රශ්ණය ආයුද සන්නද්ධව විසඳගන්නට යෑම නිසා ඔවුන් දේශපාලන සිරකරුවන් බවට පත්වූ බව පැවසීය.
ඔහු තවදුරටත් පවසා සිටියේ ‘‘මීට පෙරත් ලංකාවේ දේශපාලන සිරකරුවන් සිටි බවත් එසේ 71 සහ 88 -89 යේදී අත්අඩංගුවට ගත් අය දේශපාලන සිරකරුවන් ලෙස නම් කරමින් නිදහස් කළ බව"යි. "එම සිංහල දේශපාලන සිරකරුවන් මුදා ගැනීමට මහින්ද රාජපකෂ තමන් සමග එකට සටන් කළ බවත් එලෙස සිංහල දේශපාලන සිරකරුන් නිදහස් කරන්න යැයි කියූ ඔහුට දෙමළ සිරකරුවන් නිදහස් කිරන්නයැයි කියන්න කටක් නැද්දැ" යි ඔහු විමසා සිටියේය. එම නිසාම ඔහු ජාතිවාදියෙකු බව ඔහු අවධාරණය කර සිටින ලදී.
මෙම ජාතිවාදී ආන්ඩුව තමන්ට හිතවත් අයට දේශපාලන සිරකරුවන් යැයි කියන අතර අනෙක් අයට අපරාධකරුවන් කියන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
නව සමසමාජ පක්ෂය දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුයැයි අවධාරණය කරන බව ඔහු ප්‍රකාශ කළේ ය .
හඬ පටය - වික්‍රමබාහු කරුණාරක්න
සියලු ජාතික ප්‍රජාවන්ට සමාන අයතිවාසිකම් මේ රටතුල හිමිවිය යුතුයි
මෙම අවස්ථාවේදී යුක්තිය වෙත අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ප්‍රකාශකර සිටියේ පසුගිය අවුරුදු 30 තිස්සේ පැවතුන යුද්ධයෙන් පීඩාවට පත්වූ සැමට විසඳුමක් අවශ්‍ය බවයි. එලෙසම නැවත එවැනි තත්ත්වයක් ඇති නොවන්නට රජය විසින් කළයුතු වැඩකොටසක් තිබෙන අතරම එයින් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ ඔවුන්ට සාමාන්‍ය ජීවිතයට එළඹීමට අවස්ථාව ලබාදීම ප්‍රධාන එකක් බව පැවසීය.
එම කටයුත්ත ආණ්ඩුව විසින් සිදුනොකර ඇති බවද එපමණක් නොව දෙමළ දේශපාලන සිරකරුවන් සිරගෙවල් තුළදී මරාදමන තත්ත්වයකට පත්ව ඇතිබවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේය.
ආණ්ඩුව මේ ගෙන යන ක්‍රියාමාර්ගය රටට තවත් විපතක් උදා කරන බවත් මෙයට විරුද්ධව සියලුදෙනා අත්වැල් බැඳගත යුතු බවත්, සියලු ජාතික ප්‍රජාවන්ට සමාන අයතිවාසිකම් මේ රටතුල හිමිවිය යුතු බවත් ඒ වෙනුවෙන් සියලු ක්‍රියාමාර්ග ගැනීමට පෙරටුගාමී සමාවාදීපක්ෂය සූදානම් බවත් ඔහු පැවසීය.
හඬ පටය - දුමින්ද නාගමුව
පෙත්සමට අත්සන් කිරීමෙන් අනතුරුව පත්‍රිකා බෙදාහැරීමක්ද සිදුකෙරුණි.
- 2.yukthiya.com
| Share |
| < පෙර | ඊළඟ > |
|---|
