Lanka News Web

උතුරේ යකඩ ජාවාරම

Share

යුද්ධයේදී කිළිනොච්චිය හා මුලතිව් පළාතේ ද යාපනයේද බිඳ වැටුනු ගරාවැටුනු නිවෙස්‌වල හා ගොඩනැඟිලිවල යකඩ මේ දිනවල කිලෝ ගණනට දකුණට පැටවෙති. නිවෙස්‌වල තිබී ඉතිරි වූ කේතලයේ පිත්තල පහනේ සිට විවිධාකාර වූ ගෘහ උපකරණ ද කිලෝ ගණනට ලොරිවලින් කොළඹට සේන්දු වෙයි.

මේ කිසිවක් හමුදාව නොදැනුවත්ව සිදුවන වායැයි කියන්නට බැරිය. මන්ද දැවැන්ත මිලටරි යාන්ත්‍රණයක් වන්නියේ ක්‍රියාත්මක වෙයි. ඕමන්ත මුරපලින් වන්නියට හමුදාව නොදැනුවත්ව ගෙන යා නොහැකි අතරම ඔවුන් රහසින් වන්නියේ සිට කිසිවක් ගෙන ඒමටද නොහැකිය. එලෙසම හමුදව නොදැනුවත්ව වන්නියේ යකඩ එකතු කිරීමේ කාර්යයේ යෙදි නොහැකිය.

පහතින් දැක්වෙන්නේ උතුරු පළාතේ රඳවා ඇති හමුදා සේනාංකයි

Security Forces Headquarters - Kilinochchi

57 Division, operating in the Kilinochchi District

66 Division, operating in the Kilinochchi District

68 Division, operating in the Kilinochchi District

Task Force 3, operating in the Kilinochchi District

Task Force 7, operating in the Kilinochchi District

Security Forces Headquarters - Mullaittivu

59 Division, operating in the Mullaittivu District

64 Division, operating in the Mullaittivu District

65 Division, Thunukkai, Mullaittivu District

Task Force 2, operating in the Mullaittivu Distric

Security Forces Headquarters - Wanni (SFHQ-W)

56 Division, operating in the Vavuniya District

61 Division, operating in the Vavuniya District

21 Division

Area Headquarters Mannar, Mannar

Security Forces Headquarters - Jaffna

51 Division, based in Jaffna

52 Division, based in the Jaffna Peninsula

55 Division, based in Elephant Pass Military Base, Jaffna Peninsula

අයිතිකරුවන් නිවෙස් වලට පැමිණීමටත් පෙරම ඔවුන්ගේ ගෙවල් සුද්ධ කරයි

මෙහිදී පැන නැගී ඇති මූලික ප්‍රශ්නය වන්නේ යුද්ධයෙන් හානියට පත් වූ නිවාසවල නිසි අයිතිකරුවන් එම නිවෙස්‌වලට පැමිණීමටත් පෙර නිවෙස්‌වල භාණ්‌ඩ පැරැණි යකඩ පිත්තලවලට අලෙවි වන්නේ කෙසේද යන්නයි.

කොළඹ සිටින යකඩ ව්‍යාපාරිකයන්ගේ තැරැව්කරුවන් මේ දිනවල උතුරේ තැන් තැන්වල වාඩි ලා ගෙන සිටති. මේ තැරැව්කරුවන් වෙත ඕනෑම අයෙකු ළඟට ගෙනැවිත් දෙන යකඩ කිලෝවක්‌ සඳහා රුපියල් 20 ත් 30 ත් අතර මුදලක්‌ ලබා දෙයි. යකඩවල ප්‍රමිතිය හා සෙසු පිත්තල, තඹ වැනි ලෝහ සඳහා ද ප්‍රමිතිය අනුව මිල තීරණය වෙයි. මෙහිදී කීයක්‌ හෝ හම්බකර ගැනීමට උත්සාහ දරන පිරිස්‌ බොහෝ ඇත. අයකු ඇතැමුන් තමන්ට හමුවන යකඩ මෙවලම් තැරැව්කරුවන්ට විකුණා කීයක්‌ හෝ ලබා ගන්නා නමුත් ඒවායෙහි අයිතිකරුවන් ගැන තැකීමක්‌ නොකෙරේ.

උතුරේ මෙම යකඩ ජාවාරම තීව්‍ර වීමත් සමඟම පරිපාලන නිලධාරීන්ට හා ආරක්‍ෂක අංශවලට යකඩ සම්බන්ධයෙන් නීති රීති ගණනාවක්‌ අනුගමනය කිරීමට සිදු වී තිබේ. ඕමන්ත සීමා මුරපොලේදී දකුණට ගෙන යන යකඩ තොග පරීක්‍ෂා කිරීම එහි පළමු පියවරයි.

ගුවන් යානා නාශක උණ්‌ඩ , පුපුරා නොගිය කාලතුවකු උණ්‌ඩ කොළඹට.

ආරක්‍ෂක අංශ මගින් පරීක්‍ෂා කිරීමේදී යකඩ තොග අතර යුද උපකරණ, යුද්ධයට සම්බන්ධ වූ උපකරණ, යුද හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශවලට සම්බන්ධ වාහන හා උපකරණ, දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් උපකරණ, යකඩ වශයෙන් රැගෙන යැම තහනම් ය. මේ තහනම් නියෝග පැනවීමට පෙර හා පසුව ගුවන් යානා නාශක උණ්‌ඩද, පුපුරා නොගිය කාලතුවකු උණ්‌ඩද, යකඩ හා පිත්තල කොළඹට රැගෙන ගිය ව්‍යාපාරකයෝ ද සිටිති.

ෆාරා - 3 ත් යකඩ වලට විකිණෙයි

මෙම යකඩ ජාවාරම කොතරම් මුදල් උපයන ජාවාරමක්‌ බවට පත් වී ඇතැයිද කිවහොත් වරෙක ජෝර්දානයේ සිට ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණි ෆාරා - 3 නමැති නෞකාවේ විශාල කොටසක්‌ ද මේ වන විට යකඩ වශයෙන් අලෙවි කොට තිබේ. එදා එල්.ටී.ටී.ඊ.ය විසින් ෆාරා - 3 නෞකාව කාර්මික දොaෂයක්‌ හේතුවෙන් මුලතිව් මුහුදු තීරයට පාවී ඒමෙන් පසුව එය අත්අඩංගුවට ගත්හ. එහි සිටි කාර්ය මණ්‌ඩලය ද අත්අඩංගුවට ගෙන දින කීපයකට පසුව ජාත්‍යන්තර රතු කුරුස කමිටුව හරහා නිදහස්‌ කළ ද 'ෆාරා - 3' නැවේ තිබුණු සහල් තොගය එල්.ටී.ටී.ඊ. ය විසින් ඔවුන්ගේ පරිභෝජනයට තබා ගත්හ. එම නැව දැන් නටබුන් වූ සැකිල්ලක්‌ වශයෙන් මුලතිව් මුහුදු වෙරළෙ දක්‌නට ඇතත් ඉන් කොටසක්‌ ද යකඩ වලට විකිණී හමාරය.

යුද්ධයේදී විනාශයට පත් වී තැන් තැන්වල දිරාපත් වූ වාහනවල කොටස්‌ ද මේ ගත වූ කාල වකවානුවේදී යකඩ වලට අලෙවි වී හමාරය. තව අලෙවි වීමට ඉතිරිව ඇත්තේ අයිතිකරුවන් විසින් සටන් මුක්‌ත කලාපවල ආරක්‍ෂාවට තබා පැමිණි වාහන පමණකි. එම වාහන රජය විසින් අයිතිකරුවන්ට බාරදීම සඳහා යොදන ලද ක්‍රමවේදයන් දුර්වල වූ නිසා ඒවා අයිතිකරුවන්ට භාරදීමට නොහැකිව තැන් තැන්වල ගොඩ ගසා තිබේ.

- Yukthiya.com

Share

AddThis Social Bookmark Button