| Share |
උතුරු පළාතේ හමුදාකරණය තවත් ඉහළ ගොස් ඇතැයි සිවිල් සංවිධාන සහ දෙමළ දේශපාලන පක්ෂ චෝදනා කර සිටී. විශේෂයෙන්ම යුද්ධය අවසන්වී වසර 3ක් ගතවී තිබුණද සිවිල් පරිපාලනය උතුරු පළාත කිසිඳු ආකාරයේ සිවිල් ව්‍යුහයක් පිහිටු වීමට රාජපක්ෂ රජය අපොහොසත් වී ඇති බව යුක්තිය වෙත අදහස් දැක්වූ දෙමළ සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් පවසා සිටියේය.
උතුරේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා
දෙමළ සංධානයේ සිවාජිලිංඟම් සහ කණ්ඩායමක් පසුගිය 22 වැනිදා කළු ජූලිය සිහිපත් කිරීමේ පොස්ටර් අලවමින් සිටියදී පොලීසිය සහ හමුදාව පැමිණ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
සිවාජිලිංඟම් මහතා ප්‍රකාශ කර සිටියේ තමන් සහ කණ්ඩායමක් කළු ජූලිය සම්බන්ධයෙන් පෝස්ටරයක් අලවමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණි හමුදාවේ සහ පොලීසියේ පිරිසක් තමන්ව ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගත්බවයි. එහිදී තමන් ඇතුලු පිරිසට පවසා සිටියේ හමුදාව දෙමළ ජාතික සන්ධානයේ වැඩ කටයුතු සම්බන්ධව අසතුටෙන් සිටින බවද ඔවුන් කෝපනොවන ලෙස සිටින්නයැයි අවවාද කර තිබේ.
පැය දෙකක් තිස්සේ රඳවාගැනීමෙන් අනතුරුව ඔවුන් මුදා හැර ඇත.
බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීම්
කැනඩාවේ සිට වසර ගණනාවකට පසු ලංකාවට පැමිණි 53 හැවිරිදි නඩරාසා ජෙයනාදන් ඊයේ සවස 4 පමණ ත්‍රස්ත විමර්ශණ ඒකකයට අයත් පිරිසක් විසින් පැහැරගෙන ඇත.
අසාධ්‍ය තත්ත්වයේ පසුවන සිය පියා බැලීමට දරුවන් තිදෙනා සහ සිය බිරිඳ සමඟ ලංකාවට පැමිණ තිබේ. ඔහු මෙසේ බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීමට හේතුව වී ඇත්තේ ඔහු කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ රාජපකෂ රජයට විරුද්ධව සිදුකළ විරෝධතාවලට සහභාගී වී ඒවා අන්තර්ජාලයේ ෆේස්බුක් හි ප්‍රදර්ශණය කිරීමයි.
මේ වනවිට ඔහු යාපනය පොලීසියේ ත්‍රස්ථ විමර්ෂණ ඒකකයේ රඳවාගෙන සිටින අතර ඔහුගෙන් ප්‍රශ්ණකිරීම් සිදුකරනු ලබයි. ඊට අමතරව ඔහුගේ දරුවන්ගේ විදෙස්ගමන් බලපත්‍ර, බැංකු ගිණුම් සියල්ල ද පොලීසට ඉදිරිපත් කරන ලෙස පවසා ඇත.
මෙම සිදුවීම තමන්ට ඔහුගේ ඥාතීන් විසින් දැනුම් දුන් බව පැවසූ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් බවසා සිටියේ තම පක්ෂය විසින් ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලය වෙත ද මෙම සිදුවීම දැනුම් දුන්බවද ඔහු පවසා සිටියේය.
- 2.yukthiya.com
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











