| Share |
හෙට (27) එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ආරම්භ වීමට නියමිත ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගි වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලන්ඩන් බලා යාමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂක බන්දුල ජයසේකර මහතා ස්ථිර කළ බව බ්‍රිතාන්‍යයේ මාධ්‍ය අද (26) වාර්තා කර තිබේ.
බන්දුල ජයසේකර මහතාගේ ප්‍රකාශය පිළිබඳව අරලිය ගහ මන්දිරයේ ආරංචි මාර්ග පවසා සිටිනුයේ “බන්දුල ජයසේකර මහතාගේ ප්‍රකාශයන් පිළිබඳව එතරම් ගණන්ගත නොයුතු බවත් ඔහුට පවරා ඇති රාජකාරිය වනුයේ මාධ්‍යන්ට ප්‍රකාශ නිකුත් කිරීමට වඩා මාධ්‍යන් තුෂ්නිම්භූත වන ආකාරයට කටයුතු කිරීම බවයි. එබැවින් ඔහුගේ ප්‍රකාශයන් නිල ප්‍රකාශයන් ලෙස බැරෑරුම් ලෙස නොගත යුතු බවයි. කෙසේ වෙතත් ජනාධිපතිවරයා තවමත් ලන්ඩන් යාම සඳහා කිසිදු සූදානමක් නැති වුව ද රැජිනගේ දියමන්ති ජුබිලියට ලන්ඩන් ගිය ආකාරයට තම ආරක්ෂකයන්ට පවා නොදන්නා ලෙස ලන්ඩන් යාමේ සම්භාවිතාවක් තිබිය හැකි බව ඉහත කී ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කර සිටියේ ය.
මේ පිළිබඳව අප වෙත අදහස් දැක් වූ ස්කොට්ලන්ඩ් යාඩ් - ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලීසියේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ පැමිණීම පිළිබඳව තමන් නිල වශයෙන් නොදන්නා බවත් ඔලිම්පික් උළෙලට සහභාගිවන රටක නායකයෙකු ලෙස ඔහුට ඊට සහභාගි විය හැකි බවයි. නමුත් ඔහුගේ පෙර සංචාරයන්වල දී සපයන ලද අතිරේක ආරක්ෂාව මෙවර සපයා දිය නොහැක්කේ ඔලිම්පික් ආරක්ෂාව පිළිබඳව වග කිව යුතු G4S ආරක්ෂක සමාගමේ අසංවිධානාත්මක බව හේතුවෙන් මේ වන විට ඔලිම්පික් ආරක්ෂාව සඳහා පොලීසියට අමතරව හමුදා භටයන් ද යොදා ගැනීමට සිදුවීම හේතුවෙන් බව ය.
ජනාධිපතිවරයාගේ සංචාරය පිළිබඳව අදහස් දැක් වූ ද්‍රවිඩ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු සඳහන් කර සිටියේ “තම සියළුම සංවිධානයන් ඒකාබද්ධව ජනාධිපතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් යුධ අපරාධ කරුවකුට ජාත්‍යන්තරය සමඟ මේ ආකාරයට විහිළු කිරීමට ඉඩ දිය යුතු නොවන බවයි.’’
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











