| Share |
ශ්‍රී ලංකාවේ අපරාධ රැල්ලක් දක්නට නොලැබෙන බව ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමෙන් ගතවූ පැය 48 ක් තුල මිනී මැරුම් පහක් (5), බරපතල ළමා අපයෝජන දහ අටක්(18), මිනී මැරුමක් බවට සැක කෙරෙන අභිරහස් මරණ එකක්(1) සහ දිවි නසා ගැනීමක් වාර්තා වීමෙන් ආරක්ෂක ලේකම්වරයාගේ සාමාන්‍ය දැණුම ප්‍රදර්ශනය වන බව ජේෂ්ඨ පොලිස් නිලධාරීහු පෙන්වා දෙති.
ශ්‍රි ලංකාවේ අපරාධ රැල්ලක් නොමැති බවත් අපරාධ රැල්ලක් ඇතැයි යන්න ප්‍රකාශ කිරීම රටේ සංවර්ධනයට විදේශ ආයෝජන ලබා ගැනීමට හා සංචාරක කර්මාන්තයට බාධාවක් බව රාජපක්ෂ මහතා ඉකුත් සදුදා (23) ප්‍රකාශ කලේය. ඒ මහතා එසේ කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති සම්මන්ත්‍රණයක් අමතමිනි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන් ගම් පළාත වන හම්බන්තොට කටුවනින් 23 වන සදුදා ද්ත්ව මිනිස් ඝාතනයක් එදිනම කරන්දෙනියේ දී තවත් මිනී මැරුමක් 24 වනදා බදුල්ල ප්‍රදේශයෙන් උපන් හැටියේ බිළිදෙකු ඝාතනය කිරීමත් එදිනම ගම්පහ ප්‍රදේශයෙන් මිනී මැරුමක් ලෙස මෙම මිනී මැරුම් පහ (5) වාර්තා වේ.
මාවනැල්ලේ ළමා නිවාසයක දැරියන් පහළොවකට(15) අතවර කිරීමත්, මහනුවර දහ හැවිරිදි දැරියකට අතවර කිරීමත් බකමූණේ දී දාහතර හැවිරිදි දැරියකට අතවර කිරීමත්, වත්තේගම දී දහතුන් හැවිරිදි දැරියකට අතවර කිරීමත් ලෙස ළමා අපයෝජන දහ අට වාර්තා වේ. බුලත්සිංහලින් සිය දිවි නසා ගැනීමක් ද, මාකොළ ළමා නිවාසයක දහ තුන් හැවිරිදි දරුවකු අභිරහස් ලෙස වතුරට වැටී මිය යාම ද වාර්තාවන අනිකුත් අපරාධයන් ය.
සංචාරක කර්මාන්තය නගා සිටුවීමට නම් ශ්‍රි ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කළ යුතු අතර ඔවුන්ට ශ්‍රී ලංකාව තුල මුහුණපෑමට සිදුවන කණගාටුදායක සිදුවීම් වහාම නතර කළ යුතු ය. නමුත් ශ්‍රී ලංකාව තුල මේ වන විට රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුවන්නේ එහි අනෙක් පැත්තයි. දූෂනයට ලක්වන සංචාරක කතුන් පිළිබද අපරාධයන් හිතාමතාම යට ගසා අපරාධකරුවන් නිදහස් කිරීම තුලින් සංචාරක කර්මාන්තය නංවන්නේ කවර ආකරයෙන් දැයි ආරක්ෂක ලේකම්වරයා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතු යැයි මේ පිළිබදව අදහස් දැක්වූ පොලිස් නිලධාරීන් වැඩි දුරටත් පැවසීය.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|












