Lanka News Web

අග විනිසුරුවරිය අධිකරණයට අපහාස කිරීමේ ක්‍රියාවක

Share

පසුගිය දා අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ මෙහෙය වීමෙන් මුස්ලිම් ධීවරයන් පිරිසක් මන්නාරම් අධිකරණ සංකීර්ණයට පහර දීමේ සිද්ධිය මන්නාරම් මහේස්ත්‍රාත් ජූඩ්සන් මහතාට එරෙහිව කෙරුණු පෞද්ගලික සිද්ධියක් බවත් මහේස්ත්‍රාත්වරයා ජනාධිපතිවරයාගේ හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සමීපතම මිතුරෙකු බැවින් එම සිද්ධිය ඔවුනොවුන්ට විසඳා ගැනීමට ඉඩ ඇර තමන්ගේ කටයුතුවල නියැලෙන ලෙස ශ්‍රී ලංකාවේ අග්‍ර විනිශ්චයකාරවරිය මේ දිනවල ඉතා පහත් මට්ටමේ ක්‍රියාවක නිරත වන බව විනිශ්චයකාරවරුන්ගේ සංගමයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

සිද්ධිය සිදු වූ විගස ඒ පිළිබදව ඉතා දැඩි ස්ථාවරයක සිටි අග විනිසුරුවරිය මේ වන විට ස්වකීය ස්ථාවරය වෙනස් කර ගනිමින් ශ්‍රී ලංකාව පුරා අධිකරණ විනිසුරුවරුන් හට පෞද්ගලිකව දුරකතන ඇමතුම් ලබා දෙමින් “විධායකයේ ක්‍රියාවන්ට අධිකරණය මැදිහත් නොවිය යුතු බවත් මෙම ප්‍රශ්නය අන් සියළුම ප්‍රශ්න මෙන් විසඳී යනු ඇති බවත් එම නිසා විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ නොවී මාධ්‍යයන්ට විවිධ ප්‍රකාශයන් ලබා නොදී සිටින ලෙසට’’ අවවාද කොට තිබේ.

මේ පිළිබඳව අප වෙත අදහස් දැක්වූ විනිශ්චයකාරවරුන්ගේ සංගමයේ ජේෂ්ඨයෙකු පවසා සිටියේ අග්‍ර විනිශ්චයකාරවරියගේ මෙම වෙනස්වීම (U turn) සදහා එකම හේතුව ඇයට එරෙහිව පාර්ලිමේන්තුව තුළ දෝෂාභියෝගයක් ගෙන එන බවට රජය කර ඇති අනතුරු දැක්වීම බවයි. එම අනතුරු දැක්වීම ලද විගස ඇය මෙසේ තම ස්ථාවරය වෙනස් කිරීම පුදුමයට කරුණක් නොවන බව විනිසුරු සංගම් සාමාජිකයා වැඩි දුරටත් සඳහන් කර සිටියේ ය.

Share

AddThis Social Bookmark Button