| Share |
පසුගිය 22 දින නැවත නව ඉසෙඩ් අගයන් සහිතව උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමත් සමග 2011 වසරේ උසස්පෙළ විභාගයට මුහුණ දුන් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බරපතළ අර්බුදකාරී තත්වයකට මුහුණපා සිටිති.
එසේම උසස්පෙළ නැවත පෙනී සිටීමට සති දෙකක් තිබියෙදී තමන් ඇද දමන ලද වියවුලට එරෙහිව ඔවුන් ස්වේච්ඡාවෙන්ම දිවයින පුරා විරෝධතා සංවිධානය කරමින් සිටින බවද මේ වන විට වාර්තා වී තිබේ.
උසස්පෙළ සිසුන් මේ අර්බුදයට ඇද දැමීමේ සම්පූර්ණ වගකීම ආණ්ඩුවේය. ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිවරයා හා උසස් අධ්‍යාපන ඇමතිවරයා ප්‍රමුඛ අධ්‍යාපනයට වගකියන්නේ යැයි කියනු ලබන මැති ඇමති රොත්ත බුරුත්තක් සිටිති. උසස්පෙළ විභාගයට පෙනී සිටි ලක්ෂ දෙකකට වැඩි සිසු ජීවිතවලට බලපා ඇති මෙම අර්බුදය පිළිබඳව ඔවුන් නෑසූකන්ව සිටීම ජනතා ප්‍රශ්න අරභයා ආණ්ඩුවේ සුපුරුදු වගකීම් විරහිත හැසිරීම ප්‍රදර්ශනය කිරීමකි.
නව ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමත් සමග දෙවන හා තුන්වන වර විභාගයට පෙනීසිටි සිසුන්ගේ දිස්ත්‍රික් හා දිවයින් කුසලතා පහළ ගොස් තිබේ. මෙසේ දිස්ත්‍රික් හා දිවයින් කුසලතා සංශෝධනය වී ඇත්තේ, සුළු අගයකින් නොව ස්ථාන සිය ගණනකිනි. පළමුව නිකුත් කළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාලයට වරම් ලබා සිටි සිසුන් විශාල පිරිසකට නව ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමිව ඇත. මෙය කෙතරම් බරපතළද යත් කලා විෂය ධාරාවේ 'ඒ' සාමාර්ථ තුනක් ලබා ගත් සිසුන් සමහරෙකුට පවා විශ්වවිද්‍යාල වරම් අහිමි වී ඇති අතර විද්‍යා විෂය ධාරාවේ 'ඒ' සාමාර්ථ තුනක් ලබා ගත් සිසුන් සමහරෙකුට වෛද්‍ය පීඨයට ඇතුළත් විය නොහැකිව තිබේ. එසේම පොදුවේ 'ඒ' හා 'බී' සාමාර්ථ සහිතව අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා සුදුසුකම් ලැබීමේ හැකියාව ඇතිව සිටි බොහෝ දෙනෙකුට නව ප්‍රතිඵල අනුව ඒ අවස්ථාව නොලැබී යන බව පැහැදිලිය.
ගැටලූව වන්නේ, මෙම ප්‍රතිඵලය සිසුන් විසින් දැනගනු ලබන්නේ, නැවත විභාගයට පෙනී සිටීමට සති දෙකකට ආසන්න කාලයක් ගතවීමෙන් පසුව වීමය. අර්බුදයක් ඇතිවන බව දැන දැනම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ වැරදි විභාග ප්‍රතිඵල නිකුත් කළ ආණ්ඩුවේ අධ්‍යාපන බලධාරීහු සිසුන් සාධාරණය ඉල්ලා අධිකරණයට යන තෙක්ම තක්කඩි ලෙස තම වගකීම පැහැර හැරියහ. අනතුරුව අධිකරණයෙන් ලද නියෝගය පවා ක්‍රියාත්මක කිරීම සති 3ක කාලයක් හිතාමතා ප්‍රමාද කර සිසුන් අපහසුතාවයට පත් කරන ලද්දේ ආණ්ඩුවට එල්ලවන චෝදනාව අධිකරණයට එල්ල කරවීමේ අරමුණින්ද යන්න සැක පහළවන තරම්ය.
නව ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු, ඇරඹීමට නියමිත උසස් පෙළ විභාගයට ඉල්ලූම් කිරීමට ජූලි 23-27 දක්වා කාලය සිසුන්ට අවස්ථාව ලබාදී ඇතත් එසේ විභාගයට කෂණිකව ඉල්ලූම් කළ පමණින් විභාගයට මුහුණදිය නොහැක. උසස්පෙළ විභාගයේ අත්දැකීමක් නොමැති සේ පෙනෙන අමනෝඥ අධ්‍යාපන අමාත්‍යවරුන්ට ඒ බව නොතේරීම විමතියට කරුණක් නොවන නමුත් ඔවුන්ගේ තකතීරු තීරණවල විපාක විඳීමට සිදුව ඇත්තේ, දැයේ දරුවන්ට වීම කණගාටුවට කරුණකි.
මෙම විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් නිර්මාණය කරන ලද අවුල විසඳිය යුත්තේද ආණ්ඩුවමය. එබැවින් දැන් ඉසෙඩ් අගය පිළිබඳ ගැටලූව විපක්ෂය විසින් නිර්මාණය කරන ලද්දක් ලෙස සලකා නින්දෙන් නැගිට ප්‍රකාශ ඉදිරිපත් කරමින් ආණ්ඩුවේ ඇතැම් දේශපාලකයින් ජනතාවට විහිළු සැපයීමට කටයුතු නොකළ යුතුය. සිසු ජීවිත බිල්ලට නොගෙන වහා මැදිහත්වී කිසිදු සිසුවෙකුට අසාධාරණයක් නොවන පරිදි මෙම අවුල විස`දීමට පියවර ගත යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි ආණ්ඩුවට දැඩිව අවධාරණය කරමු. එසේම ජනතා ප්‍රශ්න හමුවේ වගකීම් විරහිත ලෙස කටයුතු කරන ආණ්ඩුවේ දේශපාලනය පැරදවීමට පෙරට එන ලෙස සමස්ත ලාංකේය ජනතාවගෙන් අපි දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.
දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ
2012.07.24
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











