| Share |
අමාරුවේ වැටී සිටි තමන්ට උපකාර කළ දේශපාලඥයින් දෙදෙනා වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පමණක් බව 88/89 භීෂණ සමයේ කුප්‍රකට භීෂකයෙකු ලෙස නම් දරා සිටි හිටපු ජේෂ්ඨ පොලිස් අධීකාරී ඩග්ලස් පීරිස් මහතා සති අන්ත පුවත් පතකට ප්‍රකාශ කර තිබේ.
මිනිස් ඝාතන කිහිපයක්, අතුරුදහන් කිරීම් සිද්ධි කිහිපයක් සහ ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිතා කිරීම සම්බන්ධව මහාධීකරණය හමුවේ ඩග්ලස් පීරිස් මහතාට එරෙහිව නඩු කිහිපයක් නීතිපතිවරයා විසින් පවරා ඇත.
මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ලබන පොලිස් නිලධාරියෙකු සම්බන්ධව ක්‍රියාත්මක පොලිස් දෙපාර්තමේන්තු රෙගුලාසි යටතේ පීරිස් මහතාගේ සේවය අත්හිටවා ඔහුට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගෙන තිබිණ. ඒ අනුව ඔහුට විශ්‍රාම ලබා ගැනීමට අවසර දීම ද ප්‍රතික්ෂේප වී තිබිණ.
“ජනාධිපති තුමා මං දන්නේ 77 ඉදන්. 99 දී එතුමා මට දුරකතනයෙන් කතා කරා. මගේ ප්‍රශ්න ගැන ඇහුවා. චන්ද්‍රිකා ආණ්ඩුව මට විශ්‍රාම යන්න නොදී තිබෙන බව මම කිව්වා. ජනාධිපති තුමා මට විශ්‍රාම යන්නත් අවසර හදලා දුන්නා. ඇමති එස්.බී. දිසානායක මගේ නඩුවලට වියදම් කරන්න ලක්ෂ ගණනාවක් දුන්නා.’’ යනුවෙන් ඩග්ලස් පීරිස් මහතා සඳහන් කර ඇත.
භීෂණ සමයේ අත්අඩංගුවට ගත් තරුණයන්ට වද හිංසා පමුණුවා මරා දැමීම, අතුරුදහන් කිරීම, අත්අඩංගුවේ පසු වූ තරුණියන්ව ලිංගික හිංසා පමුණුවා දූෂණය කිරීම, සැමියන් අත්අඩංගුවට ගෙන නිදහස් කිරීමට බිරියන්ට තමා සමඟ යහන් ගතවන ලෙසට බලපෑම් කිරීම වැනි අපකීර්තිමත් චෝදනාවන් රැසක් විභාගයට ගැනීමෙන් අනතුරුව පොලිස් දෙපාර්තමේන්තුව විසින් පීරිස් මහතාට එරෙහි ව විනය ක්‍රියාමාර්ග ගෙන තිබූ අතර නීතිපතිවරයා මිනී මැරුම් චෝදනා යටතේ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කොට තිබිණ.
88/89 භීෂණ සමයේ හිංසනයට ගොදුරු වූ තරුණයන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින බව හුවා දක්වමින් ජනප්‍රියතාවයට පත්, භීෂණයට එරෙහි ව පාද යාත්‍රාවක් සංවිධානය කොට ජන නායකයෙකු බවට පත් වූ වත්මන් ජනාධිපතිවරයා එකල භීෂකයන්ට මෙසේ අනුග්‍රහය දැක්වීමෙන් ජනාධිපතිවරයාගේ දෙබිඩි දේශපාලන ස්වරූපය මනාව තහවුරුවන බව ඉහළ පෙළේ පොලිස් නිලධාරියෙකු අප වෙත පැවසීය.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|












