| Share |
මන්නාරම් මහේස්ත්‍රාත් අධිකරණයට අමාත්‍ය බදුර්දීන් මහතාගේ මෙහෙයවීම යටතේ මුස්ලිම් ධීවරයන් පිරිසක් පහර දීමට සූදානම් වන බවට බුද්ධි අංශ තොරතුරු ලැබී තිබිය දී එය වැලැක්වීමට පියවර ගැනීම වෙනුවට පහර දීම සැලසුම් කළ බදුර්දීන් මහතා ගුවන් මගින් මන්නාරමට යවා තල්අඩි හමුදා කඳවුරේ ඔහුට පහසුකම් සැලසීමෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මන්නාරමේ පහර දීමට අනියම් ලෙස ආධාර හා අනුබල ලබා දුන් බවට සැක මතුවන බව ඉහළ පෙළේ පොලිස් නිලධාරියෙකු අප වෙත පැවසීය.
මන්නාරමේ තත්වය පිළිබදව ආරක්ෂක ලේකම් සමඟ තමන් සාකච්ඡා කළ බවත් ඒ අනුව ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් මන්නාරමට ගමන් කිරීමට ඉඩ ලැබුණ බවත් අමාත්‍ය බදුර්දීන් මහතා සති අන්තයේ “සන්ඩේ ටයිම්ස්’’ පුවත් පතට ප්‍රකාශ කර ඇත.
“රාජ්‍ය බුද්ධි සේවාවට මන්නාරමේ සිද්ධිය සම්බන්ධව සියළුම තොරතුරු පූර්වයෙන් ලැබී තිබුණා. එහි බරපතලකම (අමාත්‍යවරයාගේ සම්බන්ධය) නිසා 16 වෙනිදා රාජ්‍ය බුද්ධිසේවයේ ප්‍රධානියා ආරක්ෂක ලේකම්වරයාට පෞද්ගලිකව සිදුවීම් පිළිබදව තොරතුරු දැණුම් දුන්නා.’’ යනුවෙන් එම නිලධාරියා පැවසීය.
ඒ අනුව සිද්ධිය මැඩ පැවැත්වීමට කටයුතු කිරීම ආරක්ෂක ලේකම් රාජකාරිය වුවත් ඔහු ක්‍රියාකළේ සිද්ධිය උත්සන්න වන ආකාරයට බවත් එම නිලධාරියා චෝදනා කලේ ය.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|












