| Share |
අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප මහ ලේකම්ධුරයෙන් ඉවත් කොට එම තනතුර ජනාධිපතිවරයාගේ සමීපතම ඥාතියෙකු වන ඩලස් දහම් කුමාර අලහප්පෙරුම මහතා වෙත ලබාදීමේ සූදානමක් ඇතැයි රජයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය.
එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපතිවරයෙකු ලෙස පත් කිරීමට සැලසුම් කර ඇතැයි ඔහු වැඩි දුරටත් කීය.
අගමැතිධූරයේ වෙනසක් සිදු කොට කැබිනට් සංශෝදනයක් සිදු කිරීමට ජනාධිපතිවරයා සෑහෙන කාලයක සිට බලාපොරොත්තුව සිටිය ද දිමූ ජයරත්න මහතා වෙනුවට අගමැතිධූරයට පත් කළ යුතු පුද්ගලයා සම්බන්ධයෙන් පවතින අර්බුදය හේතුවෙන් කැබිනට් සංශෝදනය දිනෙන් දින කල් යමින් තිබේ.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











