| Share |
අධිකරණයට අපහාස කිරීම සහ අධිකරණ සේවා කොමිසමට නීති විරෝධී ලෙස බලපෑම් කිරීම සම්බන්ධව චෝදනා කරමින් කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (20) තීරණය කොට තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ ඊයේ තමා ඇතුළු තම නීතිඥ සංගමයේ කණ්ඩායමක් නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා හමුවී පවතින තත්වය පිළිබඳ කරුණු පැහැදිලි කළ බවයි. අධිකරණයට අපහාස කිරීම සහ සාපරාධී බලහත්කාරය සම්බන්ධව අමාත්‍ය බදුර්දීන් මහතාට එරෙහිව නීතිපති යොදාගනිමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිපති පාලිත ප්‍රනාන්දු මහතාගෙන් ඉල්ලීමක් කළ බව ද විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
යම් හෙයකින් තම සංගමයේ ඉල්ලීමට නීතිපතිවරයා නිසි ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වන්නේ නම් නීතිඥ වෘත්තියේ සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා අමාත්‍ය බදුර්දීන් මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට තීරණය කළ බවත් එසේ නොවන්නේ නම් මෙම සිද්ධිය මගින් සමස්ථ ශ්‍රී ලංකා සමාජයටම නරක පූර්වාදර්ශයක් ඇතිවීම වැලැක්විය නොහැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේ ය.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|
