| Share |
පසුගිය දිනෙක රූපවාහිණී නාලිකාවක ප්‍රචාරය වූ වැඩ සටහනක දී ගිටාර් වාදනය ඉගැන්වීමට දක්ෂ ගුරුවරයෙකු සහ අනූව දශකයේ ජනප්‍රිය ගායකයෙකු වූ කීර්ති පැස්කුවෙල් ලංකාවේ වර්තමාන සංස්කෘතික පරිහානියට වගකිව යුතු වග උත්තරකරුවන් තිදෙනෙකු නම් කළේය.
ලංකාවේ සමාජ විද්‍යාඥයින්ගේ සංගමය මේ වන විට මනෝ විද්‍යාඥයින්ගේ සංගමයක් බවට පරිවර්තනය වී ඇති නිසා වෙනදා සමාජ-විද්‍යඥයින්ගේ මතවාද අද දවසේ ඉදිරිපත් කරන්නේ ජනප්‍රී ගායකයන්ය.
01-සන්ෆලවර් වාදක මණ්ඩලයේ නීල් වර්ණකුලසූරිය
02-සිනමා පත්තර කර්තෘ රෝහණ කුමාර
03-ජනප්‍රිය ගුවන් විදුලි නාලිකා ප්‍රධානියෙකු වූ නිමල් ලක්ෂපති ආරච්චි
ලංකාවේ සිංහල ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රධාන න්‍යායාචාර්යවරයෙකු වූයේ රොහාන් පෙරේරාය සහ සරත් අමුණුගමය. ඔවුන් ලාංකේය ජනප්‍රිය සංස්කෘතියේ කාල් මාර්ක්ස් සහ එංගල්ස්ය. ඔවුන්ගෙන් විවිධ සංකීර්ණ න්‍යායන් සිංහල ජන සමාජයේ ප්‍රායෝගිකව අත්හදා බලා එය සාර්ථක ඉමකට රැගෙන ආවේ නිමල් ලක්ෂපතිආරච්චිය. තිලක් ජයරත්නගේ ගුවන් විදුලියේ අප්‍රකට ශිෂ්‍යයෙකු වූ නිමල් පසුව තම ගුරුවරයාගේ සම්භාව්‍ය සූත්‍රය උඩුයටිකුරු කළේය. එම සූත්‍රය මෙසේය.නිවෙිදිකාව ග්‍රාහිකාව නිවෙිදිකාව. ඒ අනුව ලක්ෂ්‍යපති සන්නිවෙිදනයේ සම්භාව්‍ය සූත්‍රය වෙනස් කළේය. ඔහු සන්නිවෙිදනයේ අකෘතිය රැඩිකල් ලෙස වෙනස් කර ග්‍රාහිකාවට අවශ්‍ය ගුවන් විදුලියක් තැනුවේය. මෙම කුඩා ආකෘතික වෙනස හරහා ඔහු ලංකාවේ ‛ධර්මිෂ්ට සමාජය’ යක්ෂාවේෂ වූ සමාජයක් බවට පත් කළේය. එමගින් ඔහු , ඔහුව සත පහකට ගණන් නොගත් සරත්චන්ද්‍රව අගුටුමිටිටෙකු බවට පත් කළ අතර pvc පයිප්ප මුදලාලියකු වූ මහරාජාව මහසෝනකු තරම් විශාල කළේය. අවසානයේ ඔහු ද මහසෝන් ගොදුරක් බවට පත් විය.
හිස්ටෙරික ගුවන් විදුලිය ලංකාව තුළ විපරීත ගුවන් විදුලියක් බවට පත් කළ ලක්ෂපති එය මුළු ලංකාවේම එකම හර පද්ධතිය බවට පත් කළේ වසර දහයක් වැනි කෙටි කාලයකිනි. අද ගුවන් විදුලිය සහ රූපවාහිනිය විපරීතයින්ගේ රාජධානියකි. ලක්ෂපති මේ සියල්ල කලේ රජයේ ගුවන් විදුලි ය නම් බැස්ටීලය බිඳ දමා ජනක රත්නායකගේ රතු-පාට,දමි-පාට නිදහස් ලෝකයක සමනලයෙකු සේ පාවෙන්නටය. ජනප්‍රීය සංස්කෘතියේ අධෝ-ව්‍යුහය වූ අරක්කු , ගංජා , චීස් ,බටර්, රටකජු, ස්ත්‍රිය විසින් ජීව-විද්‍යාවට කරන දෙය අමතක කළ ඔහුගේ අසල්වැසියා වූයේ ලක්ෂ්මන් කදිරගාමර්ය. ඔහු කළ දෙය නිසා ලංකාවට වූ දෙය පිළිබදව හොඳ-නරක විවාදයක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ නිදහස පිළිබද ඔහුගේ මතය ඉදිරිගාමී ද යන්නය. එයටත් තවම කල් වැඩිය. මන්දයත් බොරිස් යෙල්සිං රුසියාව පාලනය කරන යුගයේ ‛නිදහස’ කුමක් ද යන්න වටහා ගැනීමට දුෂ්කර නිසාය.
- 3mana.com
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











