Lanka News Web

වධ හිංසාව මුලිනුපුටා දැමීම සඳහා ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස් වීමට නියමිතයි

Share

ආසියානු රටවල් කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක් වී එම රටවල සෑම තැනම පාහේ පැතිර ගොස් ඇති වධ හිංසාව සහ කෲර සහ අමානුෂික සැලකිලි භාවිතය මුලිනුපුටා දැමීම සඳහා සාකච්ඡා කිරීමට නියමිත ය. හොංකොං හි කවුලුන් නගරයේ පැවැත්වීමට නියමිත මෙම තෙ දින සමුළුව ජූලි මස 21 වන දින ආරම්භ වේ.

මෙම සමුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වධහිංසා සහ කෲර සහ අමානුෂික සැලකිලි පිළිබඳ වූ ප්‍රඥප්තිය ( UNCAT ) එම රටවලදී වඩාත් ඵලදායක ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වන ඉතා වැදගත් ඉදිරි පියවරක් වනු ඇත.

බංග්ලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, නේපාලය, පකිස්තානය, පිලිපීනය සහ ශ්‍රී ලංකාව යන රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වන විට මෙම සමුළුව සඳහා සහභාගීවන බවට තහවුරු කර ඇත. තව ද දකුණු ආසියාවේ සහ ගිනිකොන දිග ආසියානු රටවල මානව හිමිකම් ක්‍රියාකාරීන් රැසක් ද මෙම සමුළුව සඳහා කවුලුන් නගරයට පැමිණීමට නියමිත ය.

මෙම සමුළුව සංවිධානය කරනු ලබන්නේ වධ හිංසාවට සහ කෲර සහ අමානුෂික සැලකිලිවලට එරෙහි ආසියානු සන්ධානයයි ( AAATI ). මෙම සන්ධානය හොංකොං හි මුලස්ථානය කර ගනිමින් ක්‍රියාත්මක වන ආසියානු මානව හිමිකම් කොමිසමේ සහ ඩෙන්මාර්ක් මුලස්ථානය කරගනිමින් ක්‍රියාත්මක වන වධ හිංසාවට ලක් වූ වින්දිතයන් සඳහා වන පුනරුත්තාපන සහ පර්යේෂණ මධ්‍යස්ථානය ( RCT ) හි මඟ පෙන්වීම යටතේ ආසියවේ රටවල් කිහිපයක මානව හිමිකම් ක්‍රියාදරයන්ගේ එක් වීමෙන් 2011 ජූලි මාසයේදී ආරම්භ විය. එක්සත් ජාතීන්ගේ වධ හිංසාව සහ කෲර සහ අමානුෂික සැලකිලි පිළිබඳ ප්‍රඥප්තියට ( UNCAT ) අනුව ආසියානු රටවල නව නීති හඳුන්වාදීම සහ එම නීති ක්‍රියාත්මක කිරීමට වග බලා ගැනීම තුළින් මානව වර්ගයා වධ හිංසාවෙන් සහ කෲර සහ අමානුෂික සැලකිලි වලින් ආරක්ෂා කිරීම මෙම එකමුතුවේ අරමුණ වේ.

ආසියානු මානව හිමිකම් කොමිසමේ මුලසුන හොබවන ජෝන් ක්ලැන්සි මහතා විසින් මුලික දේශනය පැවැත්වීමට නියමිත අතර RCT හි ජාත්‍යන්තර කටයුතු අංශයේ අධ්‍යක්ෂක ආචාර්ය ජාන් ඔලේ හජන්සන් විසින් ආසියාවේ වධ හිංසාව මුලිනුපුටා දැමීම සඳහා වන මුලික අභිමතාර්ථය සහ ඒ සඳහා වන ක්‍රියාමාර්ග ඇතුලත් සමුළුවේ තේමාව ඉදිරිපත් කිරීමට නියමිත ය. තවද හොංකොං හි මානව හිමිකම් ක්‍රියාදරයන් කිහිප දෙනෙක්ද, මානව හිමිකම් පිළිබඳව ඔවුන්ගේ අදහස් එහිදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙති. එක් එක් රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් විෂයට අදාලව ඔවුන්ගේ ලේඛන ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉන් පසු එය සමුළුවට සහභාගීවන සියලුම දෙනා විසින් සාකච්ඡාවට භාජනය කරනු ඇත.

ඩෙන්මාර්ක් රජයේ හිටපු අධිකරණ අමාත්‍ය මාහාචාර්ය ඔලේ එක්ස්පර්සන් විසින් සමුළුවට සහභාගීවන්නන් සඳහා ඔවුගේ සුභ පැතුම එවා ඇත. එහි දැක්වෙන පරිදි වධ හිංසාවට භාජනය නොවී සිටීමට ඇති අයිතිය යාථාර්තවාදී වීමට නම් එම අයිතිය නිතී ක්‍රියාදාමය තුළ වින්ධිතයාට සහන සලසන වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන ඵලදායි ප්‍රතිකර්මයක් සමඟ ඒකාබද්ධ විය යුතු ය. ඔවුන් වැඩිදුරටත් දක්වා ඇත්තේ වධ හිංසාවට සහ අනෙකුත් මානව හිමිකම් කඩවීම් වලට එරෙහි ජාතික සටනේ අවසානය වගකීම එම එක් එක් රටවල රජයන්ට සහ ව්‍යවස්ථාදායකයන් වෙත පැවරී ඇති බවයි.

ආසියාව පුරා විසිරී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් වධහිංසාව තම රටවලින් තුරන් කිරීම සඳහා ඇති ප්‍රවණතාවයන් සලකා බැලීමේ ඒකායන අරමුණින් හොංකොං හි දී පැවැත්වෙන මෙම සමුළුව ආසියානු මානව හිමිකම් ඉතිහාසයේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරනු ඇත.

# # #

ඒ.එච්.ආර්.සී. ගැන: ආසියානු මානව හිමිකම් කොමිසම වූ කලී ආසියාවේ මානව හිමිකම් පිළිබඳව විමර්ශනය කරන, ලේඛන ගත කරන සහ කලාපයේ යුක්තිය සහ ආයතිනක ප්‍රතිසංස්කරණ සඳහා ය. ආරක්ෂාව සහ වර්ධන වෙනුවෙන් නීතිමය වශයෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධානයකි. එය 1984 සිට හොංකොං මූලස්ථානය කරගනිමින් ක්‍රියාත්මක වේ.

Share

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2012 ජූලි 20 වෙනි සිකුරාදා, 09:59