Lanka News Web

කෙන්යාවේ කැරලිකරුවන්ට වධහිංසා කළ බව බ්‍රිතාන්‍යය පිළිගනී

Share

කෙන්යාවේ මාව් මාව් කැරලි සමයේදී අත්අඩංගුවට ගනු ලැබූ කෙන්යානු ජාතිකයන්ට බ්‍රිතාන්‍ය යටත් විජිත බලධාරීන් විසින් වධහිංසා ඇතුළු සාපරාධී ක්‍රියා සිදු කළ බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව පිළිගත්තේය.

කෙන්යාවට නිදහස දිනාගැනීම සඳහා මග පෑදුයේ 1950 දශකයේ ආරම්භ වූ මාව් මාව් කැරැල්ලයි.

බ්‍රිතාන්‍ය යටත් විජිත බලධාරීන් විසින් වධ හිංසාවන්ට ලක් කරන ලදැයි චෝදනා කරන මහලුවියේ පසුවන කෙන්යානු ජාතිකයන් කණ්ඩායමක් විසින් වන්දි ඉල්ලා බ්‍රිතාන්‍ය මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබේ.

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය කෙන්යානුවන්ට වධහිංසා පැමිණවූ බව පිළිගත් පළමු අවස්ථාව මෙය බවයි පැමිණිලි පාර්ශවයේ නීතිඥයන් කියා සිටියේ.

යටත් විජිත පාලකයන් අතින් කෙන්යානු සාමාන්‍ය වැසියන්ට වධහිංසා ඇතුළු සාපරාධී ක්‍රියා සිදු වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මතභේදයක් ඇති කිරීමට තමන්ට වුවමනාවක් නැතැයි බ්‍රිතාන්‍ය ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගයි මෑන්ස්ෆීල්ඩ් ප්‍රකාශ කළේය.

- බීබීසී සංදේශය

Share

AddThis Social Bookmark Button