| Share |

“වෙබ් අඩවිවලට මඩ පුවත් සපයන මාධ්‍යවේදියෙකු හඳුනාගෙන’’ යන සිරස්තලය යටතේ ඊයේ (16) දිනමිණ පුවත්පතට සපයන ලද පුවත ලේක් හවුස් සභාපතිවරයා අරමුණු කරගෙන සපයන ලද වාර්තාවක් බවට ලේක් හවුස් ආරංචි මාර්ග හෙළි කර සිටියි. පසුගිය එජාප රජය සමයේ ලේක් හවුස් ආයතනයේ කතෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයා ව සිටි බන්දුල පද්ම කුමාර මහතා සන්ධාන රජය යටතේ එම ආයතනයේ ම සභාපතිවරයා බවට පත්වීම අදාළ පුවතේ සඳහන් වන පරිදි, වෙබ් අඩවිවලට මඩ පුවත් සපයන තැනැත්තා පක්ෂ විපක්ෂ සබඳතා ඇත්තෙක් බවට කරන චෝදනා ලේක් හවුස් සභාපතිවරයා ම මිස වෙනකෙක් නොවන බව පෙනී යයි.
දිනමිණ පුවත්පතේ අදාළ පුවතට අනුව අදාළ මාධ්‍යවේදියා කොළඹින් සුපිරි නිවසක් සහා වාහන ද සහිතව සුඛෝපභෝගී ව ජීවත්වෙන බව පවසන අතර කරුණු විශ්ලේෂණය කර බැලීමේ දී බෞද්ධාලෝක මාවතේ පදිංචි කරුවෙකු වූ ලේක් හවුස් සභාපතිවරයා කොල්ලුපිටිය ප්‍රෙදේශයෙන් නවීන නිවසක් මිල දී ගෙන සිටින බව ද වාර්තා වේ.
ලේක් හවුස් ආයතනයට මුද්‍රණ යන්ත්‍රයක් මිල දී ගැනීමට යැයි පවසමින් ලේක් හවුස් සභාපතිවරයා ද වසරකට වරක් හෝ දෙවරක් විදෙස් ගත වන අතර අදාළ පුවතට අනුව එම මාධ්‍යවේදීයා ද විදෙස් ගත වෙමින් මඩ පුවත් සැපයීමේ සහ ඒවායේ කොන්ත්‍රාත්කරුවන් මුණ ගැසීමේ යෙදෙයි. මීට පෙර ආයතනයට මුද්‍රණ යන්ත්‍ර මිලදී ගැනීමේ දී ඒ පිළිබඳ දැනුමැති පුද්ගලයන් විදෙස් ගත වුව ද මුද්‍රණ යන්ත්‍ර ගැන කිසිවක් නොදන්නා ලේක් හවුස් සභාපතිවරයා එම යන්ත්‍ර මිලදී ගැනීමට විදෙස් ගතවීම ද ඉහත පුවත සත්‍ය වාර්තාවක් බවට පසක් කරයි.
ජනාධිපතිවරයා සහ අනෙකුත් ප්‍රමුඛ දේශපාලඥයන් සමඟ සමීප සබඳතා පවත්වන ලේක් හවුස් සභාපතිවරයා ඔවුන් සමඟ වන හමුවීම්වලදී කරන කතාබහෙන් මඩ පුවත් නිර්මාණය කිරීමට තොරතුරු ලබා ගන්නා බවට විශ්වාස කෙරෙන අතර ම කළා ලොවේ කුණු, සරසවිය පුවත්පතේ හිටපු කතෘවරියක හා චිත්‍රපට හා ටෙලි නාට්‍යවල සුළු චරිත රඟන නළුවකු වන දිනමිණ පුවත්පතේ කතුවරයාගේ ලබා ගන්නා බව ද වාර්තා වේ.


| Share |
| < පෙර | ඊළඟ > |
|---|











