Lanka News Web

මාධ්‍ය අවභාවිතය සිදු කරන්නේ වෙබ් අඩවි පමණක්ම ද? - ධර්මසිරි ලංකාපේලි

Share

ශ්‍රී ලංකා මිරර් හා ශ්‍රී ලංකා එක්ස් නිව්ස් වෙබ් අඩවි පවත්වාගෙන යනු ලබන කාර්යාලයට උසාවි නියෝගයක් සමග කඩාවැදුනු රහස් පොලීසිය, එහි මාධ්‍ය උපකරණ පමණක් නොව සේවය කළ මාධ්‍යෙවිදීන් හා සේවකයන් සඳහා තේ සෑදීමට සිටි සුලු සේවිකාව ද අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීම, පසුගිය සතිය තුළ ආන්දොලාත්මක සිද්ධියක් ලෙස වාර්තා විය.

දෙමළ මාධ්‍ය වෙබි අඩවි ගණනාවකට ද පසුගිය සතියේ සිට පාඨකයන්ට ඇතුල්විමට නොහැකි පරිදි අවහිර කොට ඇති බව වාර්තා විය.

ෙමි සිදුවීමි සියල්ල තුළින් සැළකිය හැක්කේ ජනතාවට ඇති තොරතරු දැනගැනීමෙි අයිතියට හා අදහස් ප්‍රකාශ කිරීෙමි අයිතියට එල්ල කරන ලද බරපතල ප්‍රහාරයක් ලෙසය.

ෙමි වෙබ් අඩවි කාර්යාලය වටලා එහි ප්‍රකාශණ අයිතිය තහනම් කිරීමත් සමග ශ්‍රී ලංකාවේ මාධ්‍ය අවභාවිතාවේ යෙදෙන වෙබ් අඩවි පිළිබඳව බොහොම වේදනාවෙන් කථා කරන අය අතර රජය හා රජයේ වගකිව යුත්තන් ප්‍රමුඛය. ඒ අතර සමහර පෞද්ගලික මාධ්‍ය ආයතන ද ඒ පිළිබඳව වේදනාවෙන් කෙඳිරිගාන බවක් පෙනේනට තිබේ.

මේවා ගැන කථා කරන්නට පෙර ජන සමාජයට හිතකර යහපත් ජනමාධ්‍යකරණය පිළිබඳ සාකචිඡාවක් සමාජය තුළ ආරමිභ කිරීම කාලීන අවශ්‍යතාවයකි.

''සමාජයේ සාරවත්භාවය පිළිබිඹු කරමින් වාණිජමය, පාක‍ෂික හෝ ආණ්ඩුවේ ඕනෑ එපාකම් වලින් ස්වාධීනව, සමස්ථ ප්‍රජාවටම සේවය කරන්නා වූද, සමාජයේ සමස්ථභාවය හරහා විවිධ වූ අදහස් ඉදිරිපත් කරන්නා වූ මාධ්‍යවේදය මහජන සේවා ජනමාධ්‍යවේදය ලෙස හැඳින්විය හැක.''

''මහජන සේවා ජනමාධ්‍ය ලෙස සැළකිය හැක්කේ බහුත්වවාදය හා විවිධත්වය පිළිබඳ ප්‍රතිපත්ති ගරු කරන්නා වූද, සාධාරණ, සමබර හා ස්වාධීන මාධ්‍ය භාවිතාවක් රටවැසියන් වෙත ප්‍රවේශ කරන්නාවූ මාධ්‍යවේදයයි.''

මේ උපුටා ගැනීම මහජනසේවා ජනමාධ්‍ය වටනාකම් පිළිබඳව :ඡමඉකසජ ීැරඩසජැ ඪ්කමැි සබ ඵැාස්- වූ ජාත්‍යන්තර ප්‍රකාශණයක සිංහල පරිවර්තනයකිනි.

මේ උදෘතයන් සැළකිල්ලට ගන්නේ නම්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන, මෙන්ම ලියාපදිංචි කළ, නොකළ වෙබ් අඩවි සියල්ලම පාහේ සිය මාධ්‍ය භාවිතාව පිළිබඳව ස්වයං තක්සේරුවක් ඇති කරගැනීමට හැකිවනු ඇත.

රටෙි ජනතාවට වගකියන මහජන සේවා ජනමාධ්‍ය සංස්කෘතියක් පිළිබඳ ආදර්ශයක් ලබා දෙන්නට රාජ්‍ය මාධ්‍ය ආයතනවලට ඇත්තේ ප්‍රමුඛ වගකීමකි. මන්ද, මෙම ආයතන සියල්ල ජනතාවගේ බදු මුදල් වලින් ගොඩනගන ලද ආයතන බැවිිනි. ඒ තේරුමෙන් ගත් කළ, ෙමි මාධ්‍ය ආයතන රටෙි ජනතාව සතු සමිපත්ය. නමුත් බලයට පත්වන සෑම රජයක්ම ෙමි සියඵ රාජ්‍ය මාධ්‍ය ආයතන දෙAශපාලන පත්විමි හරහා මාධ්‍ය අවභාවිිතයට යොදා ගන්නා බව රටෙි ජනතාවට රහසක් නොවෙි.

රජය විසින් පාලනය කරනු ලබන රූපවාහිනී සංස්ථාව, ස්වාධින රූපවාහිනිය යන රූපවාහිනී නාලිකා සියල්ලත්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ලක් එෆ් එමි යන ගුවන් විදුලි විකාශන සියල්ල මෙන්ම රජය බලහත්කාරයෙන් පාලනය කරනු ලබන මුද්‍රිත මාධ්‍ය ආතනය වන ලේක්හවුස් ආයතනයේත්, ජනමාධ්‍ය භාවිිතාව පිළිබඳව රටෙි බහුතර ජනතාව තුළ පවතින්නේ පිළිකුල් සහගත ආකල්පයකි. මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ අබමල් රේ්ණුවක සැළකිල්ලක් නොදක්වා පුද්ගලයන්, සංවිධාන වෙත එල්ල කරගෙන යනු ලබන වෛරී වැඩ සටහන් හා පළ කරන ප්‍රවෘත්ති ෙමි තත්වයට නිදර්ශනයන් වෙි.

විශේෂයෙන් රාජ්‍ය මාධ්‍ය ආයතන තුළ දේශපාලන බලහත්කාරකම හැරෙන්නට නිදහස් වටපිටාවක් ඇත්තේම නැත. 1973 දි ලේකහවුස් විශේෂ විධි විධාන පණත යටතේ පවරා ගනු ලැබූ ලේක්හවුස් ආයතනය, පණත මගින් හඳුන්වා දී ඇති නීතිරීතිවලට අනුකූලව පිහිටුවන්නට පවරා ගැනීමෙන් පසු බලයට පත් වූ කිසිදු රජයක් පියවර ගෙන නැත. ෙමිි පිළිබඳව අභියෝග කරමින් ලේක්හවුස් සේවක සංගමය පැවරූ මුලික අයිතිවාසිකමිි පෙත්සම හේතු නොදක්වාම එවකට අගවිනිසුරු සරත් නන්ද සිල්වා විසින් ඉවත දමන ලදී. අදටත් සංවිිධානය විමට සේවකයන්ට ඇති මූලික අයිතියට එරෙහිව ලේක්හවුස් පාලනාධිකාරය සිදු කෙරෙන බාධා කිරීිමි වලට එරෙහිව ලේක්හවුස් සේවක සංගමය පවරා ඇති මුලික අයිතිවාසිකමිි පෙත්සෙමි විිභාගය අවසන්ව සෑහෙන කාලයක් ගතවි තිබුණද තීන්දුව තවමත් ප්‍රකාශයට පත්කොට නැත.

මෙවැනි වටපිටාවක් හමුවෙි අපේ රටෙි රාජ්‍ය මාධ්‍ය ආයතන තුලින් නිදහස් මාධ්‍ය සංස්කාතියක් අපේක‍ෂා කළ නොහැක.

පෞද්ගලික විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ද බොහෝවිිට ඉහත සඳහන් කළ මූලධර්මයන් පිළිබඳව සැළකිල්ලක් දක්වන බවක් නොපෙනේ. විශේෂයෙන් ආණ්ඩුවෙි හෝ රාජ්‍ය පාලකයන්ගේ හිත මිිතුරුකමි යොදා ගනිමින් මාධ්‍ය ආයතන මිළ දී ගැනිම හෝ ආරමිභ කිරීම මෑත කාලයේ දකින්නට ලැබුණු සුලභ ලක‍ෂණයකි. ඒ නිසාම ෙමි ආයතනවලද මාධ්‍ය ආයතන තමන්ගේ ලැදියාවන්ට ප්‍රමුඛතාවය ලබාදෙන බව රහසක් නොවෙි.

හොඳින් නිරීක‍ෂණය කළවිිට වඩාත් පැහැදිළි වන්නේ තමන්ගේ ලැදියාවක් නොමැති හෝ රාජ්‍ය පාලකයන්ගේ හා වෙනත් ප්‍රමුඛයන්ගේ අවශ්‍යතාවය අනුව සිය මාධ්‍ය මෙහවර ඉටු කරන බවය. තමන් ලැදියාවක් දක්වන පුද්ගලයන් හෝ සංවිිධාන අතිශයෝකතියෙන් ඉහලින් ඔසවා තබන්නටත්, ලැදියාවක් නොමැති පුද්ගලයන් හෝ සංවිිධාන පිළිබඳව විිකෘති කිරීමි සහිත තොරතුරු විිකාශය කිරීම හෝ පළකිරීම සුළභව දක්නට තිඛෙන මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණයවිී තිබීම ෙඛිදනීය තත්වයකි.

වඩාත් විිහිලුව වන්නේ ෙමිි අය විසින් ශ්‍රී ලංකා මිරර හා ලංකා එක්ස් නිවිස් වෙබි අඩවි තහනම, මාධ්‍යවෙිදීන් අත්අඩංගුවට ගැනීම සාධාරණීය කෙරෙන විවෙිචන විිකාශය කිරීම හා පලකිරීමයි.

හුදෙක් සිය ව්‍යාපාර අරමුණු වෙනුවෙන්ම වූ අභිලාෂයන් මුදුන්පත් කරගැනීම සඳහා මෙවැනි විකෘති මාධ්‍ය භාවිතාවක බොහෝ දෙනා නියැලෙන බව කණගාටුවෙන් වුවද පැවසිය යුතුය.

මෙම පසුබිම තුළ මාධ්‍ය ආචාර ධර්ම, කත_ෘ මණ්ඩල ස්වාධීන්ත්වය, ජනමාධ්‍යවෙිදීනට නිදහසේ සිය වෘත්තීය කරගෙනයාමට සුදුසු පරිසරයක් ඇති කරගැනිම පිළිබඳව අවම හෝ බලාපොරොත්තුවක් ඇතිකර ගැනීමට හැකියාවක් ඇත්තේ නැත.

තනි තනි පුද්ගලයන් හැටියට හෝ පවතින තත්වයට සුලු හෝ අභියෝගයක් කරන්නට මාධ්‍යවේිදියෙක් උත්සාහ දරන්නේ නමි, එවැනි මාධ්‍යවේදීන්ට මුහුණ දෙන්නට වන තත්වය පිළිබඳ මෑතම නිදර්්ශනයන් ලෙස දැක්විය හැක්කේ, සී, ජේ. අමරතුංග, සුජිත් මංගල, ලසන්ත රුහුණගේ මාධ්‍යවේදීන්ට අද දවසේ මුහුණ දෙන්නට සිදුව තිඛෙන තත්වයයි. මෙවැනි ම වූ උත්සාහයන් වල නිරත වූ සමහර මාධ්‍යවේදීින් හඳුනාගත නොහැකි ඝාතයන්ගේ ගොදුරු බවට පත්විිිය. නැතහොත් මෘග පහරදීමිිවලට ගොදුරු විය. එසේත් නොමැති නමි ලංකාව හැරදා විදේශ ගතවන්නට සිදුවිිය.

මෙවැනි මාධ්‍ය හැසිරීමි රටාවක් තුළ වුවද අවම මටිටෙමි වුවද ලංකාවේ මාධ්‍ය අචාර ධර්ම පිළිබඳව සැළකිලිමත්වන, කත_ෘ මණ්ඩල ස්වාධිනත්වයට යමි හෝ ඉඩක් ලැඛෙන, බහුත්වවාදය හා විවිිධත්වයට ඉඩක් විවර කෙරෙන පුවත්පතක් ලෙස ~රාවය~ හැඳින්විිය හැකිය. එසේ වුවද එවැනි ආදර්ශයක් මගින් පමණක් පවතින ජනමාධ්‍ය අවභාවිතය අභියෝගයක් එල්ල කරන්නට තරමි හැකියාවක් ඇත්තේ නැත.

ෙමි අභියෝගය ජයගන්නට මාධ්‍යවේදීන් සංවිිධානගත විීම ප්‍රමුඛ අවශ්‍යතාවයකි. ජනමාධ්‍ය නිදහස තහවුරු කරගන්නා ජාත්‍යන්තර ආදර්්ශය වන්නේ එයයි. මාධ්‍ය නිදහස පමණක් නොව තමන්ගේ වෘත්තීය ගරුත්වය, ආරක‍ෂාව, වෘත්තීය අයිතිවාසාකමි ෙමි සියල්ල ජයගන්නනට ඇති එකම මාවත එයයි. සංවිධාන ගතනොවිීිම නිසාම බොහෝ මාධ්‍යවෙිදීන් පවතින ක්‍රමවේදයේ ගොදුරු බවට පත්විීම වැළැක්විීය නොහැක. ජනමාධ්‍යවෙිදීන් සංවිධානගත කර ගැනිම වෙනුවෙන් ක්‍රියාකාරී මාධ්‍ය සංවිධානවලට ද වගකීමක් ඇත. ජනමාධ්‍ය සමාජය තුළ ඛෙදීමි වළක්වා ගනිමින් ඔවුන්ගේ විශ්වාසය ගොඩනගා ගැනීම එම වගකීම වේි.

අනෙක් අතට මෙම තත්වයන් පරාජය කිරීම සමස්ථ සමාජයේ වගකීමක් ලෙස කල්පනා නොකරන්නේ නමිි, මාධ්‍යවේදීන් පමණක් සංවිධානය විීමෙන් අභියෝගය ජයගත නොහැක. රටතුල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරිම ප්‍රමුඛ කාර්්යය ලෙස ජනතාව වටහා ගතයුතුය.

 

 

Share

AddThis Social Bookmark Button