| Share |
නීති විරෝධී ලෙස විදේශ විනිමය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකන් එයාර් සභාපති ජනාධිපති ආර්යා සොහොයුරු නිශාන්ත වික‍්‍රමසිංහ මහතාට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක විය යුතු බවටත්, එසේ නීතිය කි‍්‍රයාත්මක නොවීම බලවත් වරදක් බවටත් ජ්‍යෙෂ්ඨ නීතීඥ එස්.එල්. ගුණසේකර මහතා ඉරිදි දිවයින පුවත්පතට කර තිබූ ප‍්‍රකාශය ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ දැඩි කෝපයට හේතු වී ඇතැයි වාර්තා වේ.
ශී‍්‍ර ලංකාවේ බලපවත්නා බරපතලම ප‍්‍රශ්නය නීතිය සියලූ දෙනාට සර්ව සාධාරණව එක හා සමානව කි‍්‍රයාත්මක නොවීම බව එයට හොඳම උදාහරණය ශී‍්‍ර ලංකන් එයාර් සභාපතිවරයාගේ සිදුවීම බවත් එස්.එල්. ගුණසේකර මහතා සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කර තිබිණ.
විදේශ විනිමය අවසරයකින් තොරව ළඟ තබා ගැනීම සම්බන්ධව ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නෑනන්ඩිය වන අශෝකා තිලකරත්න මහත්මියට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණයේ නඩු පවරා තිබෙන බවත්, එම නීතිය ජනාධිපති ආර්යාවගේ සොහොයුරා සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක නොවීම බලවත් වරදක් බවත් එස්.එල්. ගුණසේකර මහතා පෙන්වා දී තිබිණි. ශී‍්‍ර ලංකන් ගුවන් සේවා සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ මහතා තමාගේ ළඟ ඥාතියෙකු බවත්, එහෙත් ඔහු ආරක්‍ෂා කිරීමට තමා ඉදිරිපත් නොවන බවත් ගුණසේකර මහතා සඳහන් කර තිබිණි.
විදේශ විනිමය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සන්ඬේ ටයිම්ස් පුවත්පත වෙත කරුණු දක්වා තිබූ නිශාන්ත වික‍්‍රමසිංහ මහතා සඳහන් කර තිබුණේ, රුපියල් මිලියන 40 විදේශ විනිමය සහ රොලෙක්ස් ඔරලෝසුව ඕස්ටේ‍්‍රලියාවේ සිටින සිය පුතුන්ගෙන් ලැබුණු තෑග්ගක් බවය.
ඩොලර් 2,000 කට වැඩි විදේශ විනිමය ප‍්‍රමාණයක් ලංකාවට රැුගෙන එන්නේ නම් ඒ බව රේගුවට ප‍්‍රකාශ කළ යුතුය. දැනට රේගු ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇති පරිදි නිශාන්ත වික‍්‍රමසිංහ මහතාගේ පුතුන් හෝ පවුලේ වෙනත් සාමාජිකයෙකු ඇමරිකන් ඩොලර් 2,000 කට වැඩි විදේශ විනිමය ප‍්‍රමාණයක් ලංකාවට රැගෙන එන බවට පසුගිය වර්ෂයක් ඇතුළත රේගුවට ප‍්‍රකාශයක් කර නොමැත.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











