| Share |
පසුගිය කාලය පුරාම ශී්‍ර ලංකාවට ප්‍රමාණවත් තරමින් සෘජු විදේශ ආයෝජන ලබාගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මුුදල් අමාත්‍යාංශය විසින් ශී්‍ර ලංකා ආයෝජන මණ්ඩලය කරන ලද දැඩි විවේචනය හමුවේ එහි සභාපති එම් එම් සී ප්‍රදිනාන්දු මහතා විසින් හදිසියේ ම ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ක විදේශ ආයෝජනයක් සඳහා වූ ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරිණ.
ශී්‍ර ලංකා ගේට්වේ ඉන්ඩස්ටී්‍රස් ප්‍රයිවෙට් ලිමිටඩි නමැති ආයතනයක් සමඟ අත්සන් කළ එම ගිවිසුම මඟින් ති්‍රකුණාමලය දිස්ති්‍රක්කය තුළ බර කර්මාන්ත සඳහා වු විශේෂ කලාපයක් ද, බහුවිධ කාර්යයන් සඳහා වූ නව ජැටියක් ද, බලශක්ති ව්‍යාපෘති කිහිපයක් ද ඉදිකිරීමට එම සමාගම බලාපොරොත්තු වේ. එම සමාගම වෙනුවෙන් ගිවිසුමට අත්සන් තබා ඇත්තේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ප්‍රභාත් නානායක්කාර මහතා ය. ප්‍රහාත් නානායක්කාර මහතා යනු ජනාධිපතිවරයා ආර්යාවගේ සහෝදරයාවන නිශාන්ත විකමසිංහ ගේ පුතු වන ඩිල්ශාන් වික්‍රමසිංහ මහතා සමඟ ව්‍යාපාර කටයුතුවල නියැලෙන ව්‍යාපාරික සගයාය.
මෙම ගිවිසුම අත්සන් කළ පුද්ගලයන් හා ඒ පසුපස සිටින රාජපක්ෂ පවුලට නෑකම් කියන පුද්ගලයන් බැලූ විට මෙම සමාගමට ඩොලර් බිලියන 4 ක මෙතරම් ආයෝජනයක් කිරීමට තරම් වත්කමක් ඇත්තේ කෙසේදැයි ව්‍යාපාරික ලෝකයේ විශාල කතා බහකට ලක් වී ඇත.
විවිධ අයුරින් උපයා ගත් කළු සල්ලි සුදු කරලීම සඳහා මෙම ආයෝජනය යොදා ගෙන ඇතැයි සමහර ව්‍යාපාරිකයන්ගේ මතය වි ඇත. සමහරෙක් විශ්වාස කරනුයේ චීන ව්‍යාපාරිකයන් සමුහයක් සමඟ මෙම ආයෝජනය සිදු කරන බවය. මන්ද නිශාන්ත-ප්‍රශාත් වෙළඳ දෙබෑයෝ මෙරටට පැමිණෙන බොහෝ චීන ආයෝජකයන්ගේ ඒජන්තවරු වී ඇති නිසාය.
එය එසේ වුවහොත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුමට අනුව උපායමාර්ගික වටිනාකමක් ඇති මුළු ති්‍රකුණාමල ප්‍රදේශයම විදේශීය ආයෝජකයන්ට විකුණා දැමීමට මෙමඟින් පිඹුරුපත් සකස් වෙන බව මේ පිළිබඳව අදහස් පළ කළ සිටි ආර්ථීක විශේෂඥ මතය වී ඇත.
ති්‍රකූණාමල වරාය, සාම්පුර් ප්‍රදේශය ඇතුළු ඉතා වටිනා ප්‍රදේශ ගණනාවක් මේ නිසා විදේශීය සමාගමි යටතට පත්වෙනු ඇත. ආයෝජන මණ්ඩලයේ සභාපති ප්‍රදිනන්දුගේ මෙම හදිසි ගිවිසුම රාජපක්ෂ පවුලේ ව්‍යාපාරික වුවමනාවන් ඉටුකරන ගමන් රට පාවා දෙන ගිවිසුමක් ද වන බවට දැනටමත් හෙළි දරව් වී ඇත.
මෙම ආයෝජන ගිවිසුම නිසා යළිත් ශී්‍ර ලංකාව හා ඉන්දියාව අතර අලූත් දේශපාලන ගැටුමක් ද ආරම්භ වී ඇත. ඒ අනුව දැනටමත් ති්‍රකුණාමලයේ සාම්පුර් හි මෙගවොට් 500 ක ගල් අගුරු බලාගාරයක් ඉන්දියාවේ එන්ටීබීසී සමාගම ලංකා විදුලිබල මණ්ඩලය හා එක්ව ඉදිකිරීමට ගෙන ඇති තීරණය, මෙම නව ආයෝජන ගිවිසුම නිසා අත්හැර දැරීමට ඉන්දියානු බලධාරීන් දැනටමත් සලකා බලා ඇති බවට විදෙස් තනාපති ආරංචි මාර්ග පවසයි.
ඉන්දියානු සමාගමක් විසින් ඉදිකිරිමට බලාපොරොත්තුවන මෙගවොට් 500 ගල් අගුරු බලාගාරය සඳහා ගල් අගුරු ගොඩ බෑමට අවශ්‍ය ජැටිය අලූත් ගිවිසුම මඟින් ගෙට්වේ සමාගමට පැවරීමට ආයෝජන මණ්ඩලය තීරණය කොට ඇත. තවද ඉන්දියානු-ශ්‍රි ලංකා සහයෝගිතාවයෙන් ඉදිවෙන බලාගාරයක් ආසන්නයේ චීන සමාගම් හෝ වෙනත් විදේශීය සමාගම් යොදාගෙන බලාගාරයන් ඉදිකිරිමට සුදානම් වීම ඉන්දියාවේ තදබල කනස්සල්ලට හේතු වී ඇත.
විශේෂයෙන් ති්‍රකුණාමලය ප්‍රදේශය තුළ වෙනත් විදේශීය සමාගම් කි්‍රයාත්මක වීම හෝ වෙනත් රටවල් ආධිපත්‍යය තහවුරු විමට ඉන්දියාව කවදත් කැමැත්තක් නොදැක් වූ මේ පිලිබද අදහස් දක්වන දේශපාලන විචාරකයන්ගේ මතය වි ඇත.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











