| Share |
කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ 14 හැවිරිදි පුත්‍රයා වන බාලචන්ද්‍රන් ප්‍රභාකරන් යුද හමුදාවට භාරවීමෙන් පසු මරා දැමූවේ ගෝඨාභය රාජපකෂ මහතාගේ ඍජු උපදෙස් පිට එවකට 53 වැනි බලසේනාංකාධිපති ලෙස කටයුතු කළ බි‍්‍රගේඩියර් කමල් ගුණරත්න මහතාගේ මෙහෙයවීම මත බව ක්බන් Lanka News Web වෙත අනාවරණය වේ.
2009 වසරේ මැයි 19 වැනි දින උදෑසන 7.30ට පමණ බාලචන්ද්‍රන් ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේදී හමුදාවට භාරවී ඇත්තේ 4 වැනි විජයබා පාබල රෙජිමේන්තුවේ සැරයන් මුතුබණ්ඩාගේ නායකත්වයෙන් යුතු 08 දෙනෙකුගෙන් යුත් හමුදා භට කණ්ඩායමකටය.
තම පියා වන කොටි නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන් හමුදා වෙඩි පහරින් මිය ගිය බවත්, ඔහුගේ සිරුර නන්දිකඩාල් කලපුවේ කඩොලාන පඳුරු අතර සඟවා ඇති බවත් ප්‍රභාකරන්ගේ පුත්‍රයා හමුදා සෙබළුන් වෙත පවසා තිබේ. ඒ අනුව සැරයන් මුතුබණ්ඩා සහ ඔහු අයත් 4 වන විජයබා පාබල රෙජිමේන්තුවේ ''සී'' කණ්ඩයේ ලූතිනන් නාලක වෙත දැනුම් දී තිබේ. ඉන්පසු ලූතිනන් නාලක සහ ''සී'' කණ්ඩයේ තවත් නිලධාරියෙකු වන කිරින්ද සහ සැරයන් විෙජ්සිංහ නැමැත්තන්ගේ නායකත්වයෙන් යුතු තවත් කණ්ඩායමක් සමග ඒ මොහොත වන විට නන්දිකඩාල් කලපුවේ සෝදිසි මෙහෙයුමක නිරතව සිට ඇත.
ලූතිනන් නාලක විසින් ප්‍රභාකරන්ගේ පුත්‍රයා යැයි කියා ගන්නා කෙනෙකු ප්‍රභාකරන්ගේ පෞද්ගලික ආරකෂකයින් දෙදෙනෙකු සමඟ හමුදා භාරයට පත් වී ඇති බව 4 වන විජයබා පාබල රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරී ලූතිනන් කර්නල් රෝහිත අලූවිහාරේ වෙත දැනුම් දී ඇත. එවිට ලූතිනන් කර්නල් අලූවිහාරේ ඔහු අයත් 681 වන බලසේනාවේ බල සේනාධිපති ලෙස කටයුතු කළ ලූතිනන් කර්නල් ලලන්ත ගමගේ මගින් අදාළ සිදුවීම් 53 වන සේනාංකාධිපතිව සිටි මේජර් ජෙනරාල් එවකට බි්‍රගේඩියර් කමල් ගුණරත්න වෙත දැනුම් දී ඇත. බි්‍රගේඩියර් කමල් ගුණරත්නගෙන් ලද උපදෙස් අනුව ලූතිනන් නාලක ඇතුළු කණ්ඩායම සමඟ බාලචන්ද්‍රන් නන්දිකඩාල් කලපුවේ කඩොලාන කැලයට රැගෙන ගොස් ප්‍රභාකරන්ගේ සිරුර හමුදාවට පෙන්වා තිබේ.
අනතුරුව බාලචන්ද්‍රන්ව පෞද්ගලිකව කර්නල් ලලන්ත ගමගේ විසින් නන්දිකඩාල් කලපුවේදී භාරගෙන ඔහුව මේජර් ජෙනරල් කමල් ගුණරත්න වෙත රැගෙන ගොස් ඇත. මේජර් ජෙනරල් කමල් ගුණරත්න විසින් පෞද්ගලිකව ඔහුගෙන් ප්‍රශ්න කොට ඇති අතර, බාලචන්ද්‍රන් පවසා ඇත්තේ පෙරදින රාත්‍රියේදී හමුදාව සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී තම පියා මිය ගිය බවය. ඉන්පසුව පියාගේ සිරුර කලපුවේ කඩොලාන ගස් අතර සඟවා සටනින් පසුව ජීවතුන් අතර සිටි පෞද්ගලික ආරකෂකයින් දෙදෙනෙකු සමඟ පැමිණ කලපුවේ සිටි හමුදා සෙබළුන්ට භාර වූ බවය.
තම මව සහ සොයුරිය වෙනමද තමන් සහ පියා වෙනමද වශයෙන් බෝට්ටු දෙකක නැගී කලපුව තරණය කිරීමට පැමිණි බවත්, ඉන්පසු වෙඩි හුවමාරුවක් ඇති වූ අතර මව සහ සොයුරියට සිදුවූ දෙයක් නොදන්නා බව බාලචන්ද්‍රන් හෙළි කර ඇත. පියා සහ තමා ඉතිරිව සිටි පෞද්ගලික ආරකෂකයන් සමඟ එක් වී සටන් කළද දෙදෙනෙකු හැර අනෙක් සියලූ දෙනාම පියා සමඟ මරුමුවට පත් වූ බව බාලචන්ද්‍රන් හෙළි කර ඇත.
මේජර් ජෙනරල් කමල් ගුණරත්න විසින් බාලචන්ද්‍රන්ගෙන් ප්‍රශ්න කොට දැනගත් මේ සියලූ තොරතුරු ආරකෂක ලේකම් ගෝඨාභය රාජපකෂ මහතාගේ ජංගම දුරකතනයට අමතා ඔහු වෙත දැනුම් දී ඇති අතර, එම සියලූ තොරතුරු ආරකෂක ලේකම්වරයා විසින් කරුණාඅම්මාන් වෙත දැනුම් දී ඇත.
කරුණාඅම්මාන් ආරකෂක ලේකම්වරයාට පවසා ඇත්තේ ප්‍රභාකරන්ගේ පුත් බාලචන්ද්‍රන් අනාගතයේදී එල්ටීටීඊ නායකත්වයට පත් වීමට ඉඩ ඇති බවත්, ඔහු කුඩා දරුවකු නිසා උසාවිය මගින් පවා නිදහස් කිරීම සිදුවිය හැකි බවත්, එබැවින් ඔහු මරා දැමීමට සුදුසු බවත්ය. ඒ අනුව මේජර් ජෙනරල් කමල් ගුණරත්න ඇමතූ ආරකෂක ලේකම් ගෝඨාභය රාජපකෂ මහතා මේජර් ජෙනරල්ගේ පෞද්ගලික අධීකෂණය යටතේ බාලචන්ද්‍රගේ වෙඩි තබා ඝාතනය කොට සිරුර විනාශ කරන ලෙස නියෝග කොට ඇත.
ප්‍රභාකරන්ගේ පුත්‍රයාගේ ඝාතනය පිළිබඳ බි‍්‍රරතාන්‍යයේ ''චැනල් 4'' හෙළිදරව්වෙන් පසු අදාළ ඝාතන සම්බන්ධව ඇඟිල්ල දිගු වී තිබූ වෙනත් හමුදා නිලධාරියෙකු විසින් මේ සිදුවීම සම්බන්ධ සියලූ තොරතුරු විදේශ රාජ්‍යයක් වෙත අනාවරණය කොට ඇත්තේ ''අනුන් කරපු පව්වලට වන්දි ගෙවීමට තමන්ට නොහැකි බව පවසමිනි.''
| Share |
| < පෙර | ඊළඟ > |
|---|












