Lanka News Web

රේගු නීති කඩා, 'පන්සල් වාහන' ගෙන් වූ අය නිදහස් කරලා

Share

තීරු බදු සහන යටතේ සෑම බෞද්ධ වෙහෙර විහාරස්ථානයකටම වාහන ගෙන්වීම සඳහා රජය විසින් ලබා දී තිබූ බලපත්‍ර අයතා ලෙස යොදා ගනිමින්, පසුගිය 31වනදා වාහන 20ක් මෙරටට ගෙන් වූ ව්‍යාපාරිකයකු කෝටි 08ක ද~මුදලක් අයකර නිදහස් කර ඇති රේගු ප්‍රධානී ඊට අදාළ පරීක්ෂණ යට ගසා තිබේ.

 

සම්බන්ධව වැඩිදුරටත් කරුණු සොයා බැලීමේදී මෙම ව්‍යාපාරිකයා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ හිතවතෙකු බව හෙළිදරව් වී ඇත. මොහුට මෙම වාහන ජාවාරම සඳහා රේගුවේ ඉහළම නිලධාරීන් කිහිදෙනෙකු සහ මෝටර් රථ දෙපාර්මෙන්තුවේ නිලධාරීන් කිහිපදෙනෙකු සහය දක්වා තිබේ. එම තොරතුරු අනාවරණය වීම වළක්වා ගැනීම සඳහා වහාම මෙම ව්‍යාපාරිකයාට දඩ ගසා ඊට අදාළ පරීක්ෂණ කටයුතු අත්හිටුවා ඇත. ඒ සඳහා රේගු නිලධාරීන්ට නියෝග කොට ඇත්තේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාය.

පසුගිය දින කිහිපය තුළ 'පන්සල් වාහන' බලපත්‍ර යටතේ වාහන සියය ගණනක් ගුවන් මගින් ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.

Share

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2012 ජූනි 04 වෙනි සදුදා, 08:33