| Share |
වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ පැවති මහ කොළඹ ප‍්‍රදේශයේ නාගරික ප‍්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතියේ නගර සංවර්ධන කටයුතු සහ කොට්ටාව, කඩුවෙල හා කඩවත නගර සංවර්ධන ව්‍යාපෘතිවල කටයුතු රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයට පවරා ගෙන ඇත.
මෙම පවරා ගැනීම් සිදුකර ඇත්තේ 2011 මැයි මස 11 වැනි දින සිට ක‍්‍රියාත්මක වන පරිදි වන අතර එම පවරා ගැනීමට අදාළ අංක 1723/20 දරන ගැසට් නිවේදනය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇත්තේ සැප්තැම්බර් මස 13 වැනිදාය. ‘මහ කොළඹ නාගරික ප‍්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතියේ නගර සංවර්ධනය සංරචකය ඇතුළුව කොට්ටාව, කඩුවෙල සහ කඩවත නගර සංවර්ධන ව්‍යාපෘතිය හා සම්බන්ධ ක‍්‍රියාකාරකම්’ මෙසේ ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට ගැනෙන බව එම ගැසට් නිවේදනයේ සඳහන්ය.
වර්තමාන කැබිනට් මණ්ඩලයට අයත් අමාත්‍යාංශවල විෂයයන් වෙනස් කිරීම ජනාධිපතිවරයා විසින් 2010 නොවැම්බර් මස 22 වැනිදා අංක 1681/3 දරන ගැසට් පත‍්‍රය මගින් සිදුකරන ලද අතර ඉන්පසු 2011මාර්තු 17 අංක 1697/25 දරන ගැසට් පත‍්‍රයෙන් හා 2011 මැයි 06 වැනි දින අංක 1704/17 දරන ගැසට් පත‍්‍රය මගින් දෙවරක් සංශෝධනය කරනු ලැබීය.
මේ වන විට ආරක්‍ෂක විෂයට ඍජු සම්බන්ධයක් නැති නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් ගොඩකීරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, රාජ්‍ය නොවන සංවිධාන ලියා පදිංචි කිරීම හා අධීක්‍ෂණය වැනි කටයුතු ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පවතී.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











