Lanka News Web

ජෙනරාල්වරයාගේ ගමන් බිමන් පිළිබඳව හමුදාව සහ දෙමළ තරුණයන් විමසිල්ලෙන්

Share

පසුගියදා ජනාධිපති සමාව ලැබූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ගමන් බිමන් පිළිබඳව ශ‍්‍රී ලංකා යුද හමුදාව සහ නාඳුනන දෙමළ තරුණයන් ඒකාබද්ධව විමසිල්ලෙන් සිටින බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ බව අනාවරණය වන්නේ ඊයේ(27) පොලිසිය විසින් ජෙනරාල්ගේ නිවස අසලදී පරීක්ෂා කරන්නට යෙදුනු සැකසහිත ලෑන්ඞ්රෝවර් රථයක් හේතුකොට ගෙනය.

රතු පැහැති ගරාජ් අංක සහිත කළු පැහැති ලෑන්ඞ්රෝවර් රථයේ ගරාජ් අංකය ලෙස AA-0412-E සඳහන්ව තිබී ඇති අතර, ජීප් රථයේ රියදුරු ලෙස යුද හමුදා පාබල රෙජිමේන්තුවේ කෝප‍්‍රල් එස්.වී. ජයනෙත්ති සහ යුද හමුදා පාබල රෙජිමේන්තුවේ සැරයන්වරයකු වන ආර්.ඩබ්ලිව්.සී. කුමාරගේ නැමැති හමුදා නිලධාරීන් දෙදෙනා සමඟ කිසිදු හැඳුනුම්පතක් නොමැති දෙමළ තරුණයන් තිදෙනෙක් පොලිස් පරීක්ෂාවට ලක් වී තිබේ.

පොලිස් පරීක්ෂාවෙන් මහත් සේ කලබලයට පත් වී ඇති මෙම පිරිස යුද හමුදා ගමන් කථනයක් මගින් වහාම යුද හමුදා මූලස්ථානය අමතා ඇති අතර ඉන් විනාඩි කිහිපයකට පසු පොලිස් මූලස්ථානයෙන් වහාම එම පිරිස මුදා හරින ලෙස පොලිසියට නියෝග ලැබී තිබේ.

Share

AddThis Social Bookmark Button