Lanka News Web

වරායේ ලොක්කා ලක්‍ෂ ගණනින් වැටුප් වැඩි කරගෙන

Share

වරාය අධිකාරියේ සභාපති පි‍්‍රයාත් බන්දු වික‍්‍රම මහතා විසින් රුපියල් 158,170 ක් වූ තම මාසික වැටුප රුපියල් 227,280 දක්වා ඉහළ දමා ගෙන ඇත. මෙසේ වැටුප ඉහළ දමා ගෙන ඇත්තේ මෙම වසරේ අපේ‍්‍රල් මාසයේ සිට කි‍්‍රයාත්මක වන පරිදිය. පි‍්‍රයාත් බන්දු වික‍්‍රම මහතා වරාය අධිකාරියේ සභාපති ධූරයට අමතරව, හම්බන්තොට වරායේ දෙවන අදියර සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂවරයා ලෙසද කටයුතු කරයි. ඒ සඳහා ඔහුට හිමිවන මාසික දීමනාව රුපියල් 110,000 කි.

2012-04-05 දින ඔහු එම තනතුරෙහි වැඩ භාර ගැනීමෙන් පසුව අපේ‍්‍රල් මාසයේ වැටුප සඳහා රුපියල් 90,000 ක මුදලක් එක් කර ගෙන ඇත. සභාපතිවරයා විසින් මෙම වැටුප් වැඩිවීම ලබාගෙන ඇත්තේ සේවයක් වැටුප් වැඩි කරන ලෙස කළ ඉල්ලීමට කිසිදු අවධානයක් යොමු නොකරමිනි.

Share

AddThis Social Bookmark Button