| Share |
දැනට සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේ ප‍්‍රතිකාර ලබන කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගේ සොයුරු හිරු නාලිකාවේ ප‍්‍රධානී රේනර් සිල්වා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් පෙරේරා මහතාට
සහ භාරත ලක්‍ෂ්මන් ඝාතන නඩුවේ විමර්ශන කටයුතු භාරව කටයුතු කරන සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා වෙත ජපානයෙන් මෝටර් රථ දෙකක් ඇනවුම් කර තෑගි දීමට යන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග lanka news web වෙත අනාවරණය කර සිටී.
මෙම මෝටර් රථ දෙක මේ වන විට ජපානයේ සිට නැව් ගත කොට ඇති අතර, එය මේ මස අවසානයේ ලංකාව වෙත ළඟා වීමට නියමිතව තිබේ. මෙම මෝටර් රථ දෙක අදාළ නිලධාරීන් දෙදෙනාට ‘හිරු’ නාලිකා අධිපතිවරයා ලබා දෙනු ලබන්නේ ඔවුන් දෙදෙනා භාරත ලක්‍ෂ්මන් ඝාතන නඩුවේ මුල සිටම දුමින්ද සිල්වා මහතා වෙත දැක්වූ අනුග‍්‍රහයට කෘතගුණ සැලකීමක් වශයෙනි.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් පෙරේරා මහතා පසුගියදා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලට ගොස් දුමින්ද සිල්වා මහතාව මුණගැසී ඇති අතර, මෙම චාරිකාව සංවිධානය කොට ඇත්තේද දුමින්ද සිල්වා මහතාගේ සොයුරු රේනර් සිල්වා මහතා විසිනි.
භාරත ලක්‍ෂ්මන් ඝාතන නඩුව මෙම මස 22 වැනිදා නැවත කැඳවීමට නියමිත අතර, එදින බොහෝ වේලාවට දුමින්ද සිල්වා මහතා මෙම නඩුවෙන් ඉවත් කිරීමට ඉඩ ඇති බව සඳහන් කරන ඉහත අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටින්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි මහේෂ් පෙරේරා සහ ශානි අබේසේකර මෙම ඝාතන නඩුවේ විමර්ශන කටයුතු මෙහෙයවා කටඋත්තර ලියා ඇත්තේ අනාගතයේ කවර ආණ්ඩුවක් බලයට පත් වුවද දුමින්ද සිල්වා මහතාට දඬුවම් කළ නොහැකි ආකාරයට බවයි.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වන ජයන්ත කුලතිලක මහතා පසුගියදා පවසා තිබෙන්නේ තම දෙපාර්තමේන්තුව එකම හොර ගුහාවක් බවත්, තමන්ගේ නිල කාලය තුළ එය පිරිසිදු කරලීමට ඉඩ නැත්තේ සියලූම හොරුන්ට ලැබෙන්නාවූ දේශපාලන අනුග‍්‍රහය නිසා බවයි.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|












