| Share |
රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සතු දඹුල්ලේ පිහිටි පර්චස් 41.23ක ඉඩමක් තානායමක් ඉදිකිරීම සඳහා කොලොන්නාවේ පදිංචි පුද්ගලයකුට ලබා දී ඇත.
මෙම ඉඩම අදාළ පුද්ගලයාට ලබා දී ඇත්තේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව මාර්තු 24වන දින නිකුත්කර ඇති එම්.ඩී/යූ.ඩී/01/75 දරන අමාත්‍ය මණ්ඩල සන්දේශයට අනුවය.
මෙම ඉඩම 2009 වසරේදී මිල්කෝ සමාගමට ලබා දුන් ඉඩමකි. එම ඉඩම මිල්කෝ සමාගමට ලබා දී ඇත්තේ 209.08.02 දින නිකුත් කර ඇති 09/1383/320/062 දරන අමාත්‍ය මණ්ඩල සන්දේශය මගිනි.
මෙම ඉඩම ලබා දීම පිළිබඳව අමාත්‍ය මණ්ඩල සන්දේශය සඳහන් කර ඇත්තේ, නාවලපිටිය පිහිටි පරණ උසාවි සංකීර්ණයේ දේපළ සමඟ නාවලපිටිය තානායමේ හුවමාරු කර ගැනීම සහ තානායමක් ඉදිකිරීම සඳහා දඹුල්ලේ පිහිටි ඉඩම් කොටසක් අදාළ පුද්ගලයා වෙත ලබා දීම යනුවෙනි.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|












