Lanka News Web

නාවික නිලධාරී යෝෂිතට ගුවන් යානා පුහුණුවක්

Share

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විශේෂ නියෝගයක් මත ඔහුගේ පුත් නාවික හමුදා නිලධාරී යෝෂිත රාජපක්‍ෂ මහතාට ගුවන් යානා පුහුණුව ලබාදීමට ගුවන් හමුදාපතිවරයා අනුමැතිය දී තිබේ.

 

නාවික හමුදා නිලධාරියෙකුට ගුවන් යානා පුහුණුවක් ලබා දෙන්නේ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ පළමු වරට බව ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය. ඒ අනුව, මේ වනවිට යෝෂිත රාජපක්‍ෂ මහතාට හෙලිකොප්ටර් යානා ධාවනය පිළිබඳව මුලික පුහුණු කිරීම් කටයුතු ආරම්භ කර තිබේ.

තවද, යෝෂිත රාජපක්‍ෂ මහතාව විශේෂ යුද හමුදා පුහුණුවක් සහ ආරක්‍ෂක උපාධි පාඨමාලාවක් හැදෑරීමට යුරෝපයේ ආරක්‍ෂක විද්‍යා පීඨයකට ලබන වසරේ පිටත් කර හරින ලෙසද ජනාධිපතිවරයා ආරක්‍ෂක ලේකම්වරයාට දැනුම් දී තිබේ.

Share

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 09 වෙනි සිකුරාදා, 12:38