| Share |
හෙට (27) ජිනිවා හි ආරම්භවන ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙනඑන ඇමරිකාවට විරෝධය පළකිරීම සඳහා පාලක එක්සත් ජනතා සන්ධානය විසින් සංවිධානය කරතිබෙන විරෝධතා වැඩසටහනේදී ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය වැටලීමේ මෙහෙයුම ජානාධිපතිවරයා විසින් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙත පවරා තිබේ.
වීරවංශ අමාත්‍යවරයාගේ සහාය සඳහා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ශ‍්‍රී ල.නි.ප වෘත්තිය සමිතියේ සාමාජිකයන් 1000කට වැඩි පිරිසක් රැගෙන එම වැටලීමට සහභාගී වනලෙස ජනාධිපතිවරයා වරාය නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාටද නියෝග කොට ඇත.
මෙහිදී තානාපති කාර්යාලයේ කිසිදු විදේශිකයෙකුට හිංසා නොවන පරිදිත්, තනාපති කාර්යාලයේ දේපොලවලට කිසිදු අලාභ හානියක් නොවන අයුරිනුත් කටයුතු කරන ලෙස ජනාධිපතිරවයා එකී ඇමතිවරුන් දෙදෙනාටම අවධාරනය කර ඇත.
ඇමරිකානු තානාපති කාර්යාලය වැටලීමේ මෙහෙයුම හෙට (27) පස්වරු 03 ට ආරම්භ වීමට නියමිත අතර ඊට අදාල අරක්ෂක කටයුතු කොල්ලූපිටිය පොලීසියට හා නාවික හමුදාවට පවරා තිබේ.
මීට අමතරව ඇමරිකාවට හා ජගත් සංවිධානයට එරෙහිව සෑම නගරයකම ‘ජනපවුර’ නමින් විරෝධතාවලියක් සංවිධානය කර ඇති අතර ඒවාහි සම්බන්ධීකරන කටයුතු අදාල පොලිස් ස්ථාන වෙත පවරා තිබේ. ඒ අනුව එම උද්ඝෝෂණ පැවැත්වෙන පොලිස් බලප‍්‍රදේශවල ත‍්‍රීරෝද රියදුරන් මෙහි පූර්ව ප‍්‍රචාරක කටයුතු සඳහා පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් විසින් යොදාගෙන තිබේ.
සමෘද්ධි නියාමකයින්, රැකියා බලාපොරොත්තුව සිටින තරුණ තරුණියන්, සේවයේ ස්ථිර කරගැනීමට සිටින රජයේ සේවක සේවිකාවන්, සන්ධානයට සම්බන්ධ වෘත්තීය සමිති ක‍්‍රියාකාරිකයින් අනිවාරියෙන්ම මෙම ‘ජනපවුර’ වැඩසටහනට සහභාගී කරවන ලෙස රාජ්‍ය ආයතනවල ප‍්‍රධානීන්නට ජනාධිපති කාර්යාලයෙන් දැනුම්දීමක් සිදුකර ඇති අතර ඒ සියලූ දෙනාට ප‍්‍රවාහන පහසුකම් නොමිලේ සපයන්නැයි ලංකා ගමනාගමන මණ්ඩලයට නියෝග කොට තිබේ.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|












