| Share |

ඉහත සැසිවාරයේදී ශී්‍ර ලංකාවේ ප්‍රශ්ණය පිලිබඳ වැඩි අවධානයක් යොමුවනු ඇත. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් පත්කරන ලද විද්වත් කමිටු වාර්තාව සහ ශී්‍ර ලංකා රජය විසින් පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් වාර්තාව යන වාර්තාවන් දෙකම අන්තර්ජාතික මානුෂවාදී හා මානව හිමිකම් නීති බරපතල ලෙස උල්ලංඝනය කිරීම පිලිබඳ කාරණාවන්,
සැබෑ ප්‍රතිසන්ධානයක් ඇති කිරීමේ මඟක් ලෙස පිලිගතහැකි දේශපාලන විසඳුමක් සකස් කරගැනීමේ අවශ්‍යතාව, හමුදාකරණය පහත හෙලීම, පැරා මිලිටරි කණ්ඩායම් පාලනය කිරීම, සිවිල් පරිපාලනය ශක්තිමත් කිරීම, තොරතුරු සඳහා වන ප්‍රවේශය, මාධ්‍ය නිදහස, රඳවා තබාගැනීම් සම්බන්ධයෙන් පාරද්‍රෘෂ්‍ය වීම සහ රැඳවියන් වෙත ප්‍රවේශය ලබාදීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු කරයි.
මෙම කාරණාවන් දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තුව තුල නියෝජනය කරන සහ ගැටුමේ මූලික ගොදුරු බවට පත්වූ එමෙන්ම යුද්ධය හා යුද්ධය සිදුකරනු ලැබූ ආකාරය තුලින් භයානක හා විනාශකාරී ප්‍රතිඵලයන් අත්විඳීමට සිදුවූ ජනතාවට අතිශයින් වැදගත් ඒවා වේ.
මෙම කාරණාවන් සාකච්ඡා කෙරෙන කවර හෝ කි්‍රයාමාර්ගයකට සම්බන්ධවීමේ සුජාත අයිතියක් දෙමළ ජාතික සන්ධානයට ඇත.
ඉහත කී වාර්තාවන් දෙක පිලිබඳ සිය මතය දෙමළ ජාතික සන්ධානය විසින් ප්‍රසිද්ධියේ පළකොට ඇති අතර තවදුරටත් එම මතයම දරයි.
ශ්‍රී ලංකා රාජ්‍ය වර්තමානයේ මුහුණදී සිටින අසීරුතාවයන් ප්‍රතිඵල කොට ඇත්තේ ශී්‍ර ලාංකීය ජනතාව ඇතුලත්වන බහුජාතික, බහු සංස්කෘතික හා බහුත්වවාදී සමාජයක බැඳීම් ඉටු කිරීමට පසුගිය දශක හය තුලම ශී්‍ර ලංකා රාජ්‍ය අසමත්වීම සහ තමන් පාර්ශ්වකරුවකුව සිටින අන්තර්ජාතික සම්මුතීන් හා ගිවිසුම්වලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත්වීම නිසාවෙන් බව දෙමළ ජාතික සන්ධානය තවදුරටත් කියා සිටී.
එක්සත් හා නොඛෙදුනු ශී්‍ර ලංකාවක් තුල පිිලිගතහැකි, කි්‍රයාවේ යෙදවිය හැකි හා කල්පවත්නා දේශපාලන විසඳුමක් සඳහා වන සිය කැපවීම දෙමළ ජාතික සන්ධානය විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කොට ඇති අතර තවදුරටත් එම මතයම දරයි. වසරකට වැඩි කාළයක් තිස්සේ එවැනි පිලිගතහැකි විසඳුමක් නිර්මාණය කරගැනීම සඳහා වැඩදායක අයුරින් රජය සමඟ කටයුතු කළ නමුත් පිලිගතහැකි දේශපාලන විසඳුමක් නිර්මාණය කරගැනීම සඳහා වන රජයේ කැපවීම ප්‍රමාණවත් නොවීම හේතුකොටගෙන කිසිදු ප්‍රගතියක් අත්කර ගැනිමට අසමත්විය.
තම බැඳීම් ඉටු කිරීමට අසමත්වීම සහ වගවීම නිරූපනය කරන මහජන වාර්තාවන්හි ඉදිරි කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් ශී්‍ර ලංකා රාජ්‍යය සතුව ඇත්තේ කුප්‍රකට පිලිගැනිමකි.
වර්තමාන අස්ථාවර තත්වය තවදුරටත් පැවතියහොත් ප්‍රචණ්ඩත්වයන් නැවත ඉස්මතුවීමටත්, නැවත වරක් සිවිල් ජනතාව ගොදුරු බවට පත්වීමටත් ඇති ඉඩ පිලිබඳ දෙමළ ජාතික සන්ධානය බිය පළ කරයි.
දෙමළ ජාතික සන්ධානය දකින ආකාරයට වර්තමාන තත්වය තුල සාමකාමීත්වය ආරකෂා කිරීමත්්, ආතතීන් උග්‍ර කළහැකි කිසිවක් සිදු නොකිරීමත් අවශ්‍යයෙන්ම කළයුතු වේ.
එබැවින් ජිනීවා සැසිවාරය වෙත සහභාගි නොවිමට දෙමළ ජාතික සන්ධානය තීරණයකොට ඇත.
ශී්‍ර ලංකා රාජ්‍ය මුහුණදෙන වර්තමාන අසීරුතාවයන් සිය පැහැර හැරීම් සහ නොකර සිටීම් හේතුකොටගන නිර්මාණය වූ ඒවා වන අතර එසේ කිරීමෙන් වැලකී ගැටුම් පිලිබඳ අවසන් විසඳුමක් සඳහා අර්ථසාධක පියවරයන් අනුගමනය කරන ලෙසට සමස්ථ රටේ සුභසිද්ධිය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය ශී්‍ර ලංකා රජයෙන් ඉල්ලා සිටී.
ආර්. සම්බන්ධන්
දෙමළ ජාතික සන්ධානයේ නායක
| Share |
| < පෙර | ඊළඟ > |
|---|
