Lanka News Web

කතරගම මැණික් ඉඩමේ කුට්ටි තුනක් රාජපක්ෂලාට

Share

හිටි හැටියේ නිල් මැණික් මතුවූ කතරගම ප‍්‍රදේශයේ ඉඩම් වෙන්කර වෙන්දේසී කිරීම අද පෙරවරුවේ සිදුවී අතර එහිදී තෝරාගත් ඉඩම් කැබලි තුනක් ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත යැයි කියමින් වෙන්දේසියට ඉදිරිපත් කර නොතිබිණ. මැණික් හා ස්වර්ණාභරන අධිකාරිය විසින් මෙම මැණික් ඉඩම වෙන්දේසි කිරීම සිදුකළ අතර ඔවුන් විසින් අංක 49,50,51 ලෙස නම්කර තිබූ ඉඩම් කට්ටි එසේ වෙන්දේසි නොකළේය.

ඒ සම්බන්ධයෙන් පවිත‍්‍රා වන්නිආරච්චි ඇමතිවරියගේ නියෝජිතයෙකු අධිකාරියේ ප‍්‍රධානියෙකුගෙන් කළ විමසීමේදී පවසා ඇත්තේ නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා සහ ඌව මහඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා විසින් එම ඉඩම් කැබලි කිහිපය වෙන්කරගෙන ඇති බවයි.

මෙම මැණික් වෙන්දේසියට ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, පවිත‍්‍රා වින්නආරච්චි හා පේ‍්‍රමලාල් ජයසේකර යන මැතිඇමතිවරුන්ගේ නියෝජිතයන්ද සහභාගී වී තිබූ අතර මාලදිවයිනේ ශ‍්‍රී ලංකා තානාපති ඩික්සන් දෑල බණ්ඩාර මහතාද ඊට සහභාගී වී සිටියේය.

මෙම ඉඩම් වෙන්දේසියේදී බරපතල වංචා දූෂණ කිහිපයක්ම සිදුවූ බවත් මැණික් හා ස්වර්ණාභරන අධිකාරියේ ප‍්‍රධානීන් ආණ්ඩුවේ හිතවතුන්ට වාසිදායක ලෙස තීන්දු ගත්බවත් අප වෙත වාර්තා වේ.

 

Share

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2012 පෙබරවාරි 24 වෙනි සිකුරාදා, 11:35