Lanka News Web

කින්ස්පාර්ක් රෝහණගේ තොරතුරු මත ශවේන්ද්‍ර ගැන පරීක්‍ෂණයක්

Share

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ රෝහණ කුමාර නොහොත් වැව රෝහණ නොහොත් කින්ස්පාර්ක් රෝහණ නමැති පාතාල සාමාජිකයා විසින් හෙළිදරව් කර ඇති තොරතුරුවලට අනුව ඔහු සමග සමීප සබඳතා පැවැත්වූ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

 

කින්ස්පාර්ක් රෝහණ විසින් හෙළිදරව් කර ඇති තොරතුරුවලට අනුව රහසිගත වාර්ථාවක් සකසන ලෙස ආණ්ඩුවේ ඉහලම ප‍්‍රධානියෙකු යුද හමුදා බුද්ධි අංශ ප‍්‍රධානි බි‍්‍රගේඩියර් අරුණ වන්නිආරච්චි මහතාට නියෝග කර තිබේ. මේජර් ජනරාල්වරයා යුද සමයේ ඇසුරු කළ පුද්ගලයන්, වර්තමානයේදී සමීපව ඇසුරු කරන පුද්ගලයන් හා ඇමෙරිකා එක්සත් ජනපදයේදී ඔහු සමග සමීප සබඳතා පවත්වන පිරිස් පිළිබඳව මෙම වාර්තාවට ඇතුළත් විය යුතු යැයි උපදෙස් ලැබී තිබේ.

මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමග සබඳතා පවත්වන කාන්තාවන් පිළිබඳවත් ඔහු සමග ගැටුම් ඇති කර ගත් පිරිස් කවුරුන්ද යන්න පිළිබඳවත්, ඔහු සතු දේපළ පිළිබඳවත් මෙම වාර්තාවට අත්‍යාවශ්‍යයෙන්ම ඇතුළත් විය යුතු බව ආණ්ඩුවේ ප‍්‍රධානියා බි‍්‍රගේඩියර් වන්නිආරච්චිට අවධාරණය කර තිබේ.

සබැඳි - පාතාල නායක කින්ස්පාර්ක් රෝහණ ඇමෙරිකාවට ගෙන්වා ගන්න ශවේන්ද්‍ර උදව් කරලා.

Share

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 09 වෙනි සිකුරාදා, 12:38