| Share |
තම අස්වනු සාධාරණ මිලකට අලෙවිකර ගැනීමට නොහැකිවීම හේතුවෙන් මඩකලපුව දිස්ත‍්‍රික්කය තුළ ගොවියන් 15 දෙනෙකු පමණ වස පානය කර ඇති බව ජනරළ පුවත්පත වාර්තා කරයි. එයින් ගොවියන් 8 දෙනෙකු පමණ මීට සති දෙකකට පමණ ඉහතදී වස පානය කර ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු මියගිය ගොස් තිබේ.
පසුගිය සතිය තුළ වස පානය කළ ගොවියන් 7 දෙනෙකු මඩකළපුව රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔවුන් මේවන විට ප‍්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩුව විසින් වී කිලෝවක් මිලදී ගැනීමේ සහතික මිල රු 28 ක් ලෙස දක්වා ඇතත් මඩකලපුව දිස්ත‍්‍රික්කයේ වී කිලෝවක් විකි”මට ඇත්තේ රු.15කටය. බහුතරයක් ගොවීහු සිය ගොවිතැන් කටයුතු සිදුකරන්නේ ණය පදනමට මුදල් ලබා ගෙනය. නමුත් මේ ආකාරයෙන් අස්වනු අලෙවිකර එම ණය මුදල් ගෙවා ගත නොහැකි නිසා ඔවුන් මෙසේ සිය දිවි හානිකර ගැනීමට පෙළඹී ඇති බව ගොවි සංවිධාන පෙන්වා දෙති.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|
