Lanka News Web

මංගලට, කැබිනට් පත්‍රිකා ලැබෙන ආකාරය සොයා බැලේ

Share

ඊයේ (22) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් වීමට තිබූ අමාත්‍ය මණ්ඩල සංදේශ කිහිපයක් ඊයේ පෙරවරුවේම srilankaxnews.com වෙබ් අඩවියේ පලවී තිබීම සම්බන්ධයෙන් වහාම සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාට නියෝග කොට ඇත.

 

මෙම සතියේ අමත්‍ය මණ්ඩල රැස්වීමේ ඊයේ රාත්‍රියේ 9.30 ආරම්භ වී සුළු මොහොතකින් නිමා විය. එම අමාත්‍ය මණ්ඩලය රැස්වීමට ඉදිරිපත් කරනු ලැබූ සියලූ සන්දේශ ඉහත වෙබ් අඩවියේ පල වී තිබිණ.

srilankaxnews.com වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා යටතේ ඇති එම පක්ෂයේ සන්නිවේදන ඒකකය විසිනි. එම වෙබ් අඩවියේ කතුවරයා ලෙස විපක්ෂ නායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයාවන සුගත් චන්ද්‍රසේකර මහතා කටයුතු කරයි.

Share

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2012 පෙබරවාරි 23 වෙනි බ්‍රහස්පතින්දා, 19:50