-
2012 පෙබරවාරි 21 වෙනි අඟහරුවාදා, 10:57
-
සාමාන්‍ය
ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද පෙරවරුවේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව තුලදී රැස්වූ අතර එහිදී ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබදව ආණ්ඩු පක්ෂයේම මැතිඇමතිවරු දැඩි ආවේගයෙන් යුතුව අදහස් පලකර තිබේ.
ජාතික හෙළඋරුමයේ අතුරලියේ රතන හිමියන්, ආණ්ඩුව විසින් මෑතක සිට ගනුලබන තීන්දු තීරණ තදින් විවේචනයට ලක්කර ඇති අතර තනි තනි පුද්ගලයන් විසින් ගනු ලබන තීන්දු සම්බන්ධයෙන් සාමූහික වගකීමකට බැඳී සිටීමට තම පක්ෂයට නොහැකි බවත්, තෙල් මිල ඉහළ දැමීමට එරෙහිව තම පක්ෂයද විරෝධය පළකරන බවත් අවධාරනය කර තිබේ.
ජීවන වියදම ජනතාවට දරාගත නොහැකි පරිදි ඉහළ ගොස් ඇති තත්ත්වය යටතේ තමන්ට ආසනවලට පවා යා නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි සරත් කුමාර ගුණරත්න, මහින්ද අමරවීර හා චම්පික රණවක යන අමාත්‍යවරු දැඩි ලෙස පවසා ඇත. තවත් ඇමතිවරු කිහිප දෙනෙකුම ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව අදහස් දක්වා ඇති අතර තෙල්මිල ඉහළ දැමීමට ගනුලැබූ තීන්දුවට පක්ෂව කිසිවෙකු හෝ අදහස් ප‍්‍රකාශ කර නොමැත.
අවසන් යාවත්කාලීන කිරීම 2012 පෙබරවාරි 21 වෙනි අඟහරුවාදා, 20:26