ශ්‍රී ලංකාව විදේශීය ව්‍යාපාරිකයන් ලංකාවේ ඩොලර් මිලියන 10 කට වඩා ආයෝජනය කරන්නේ නම් ඔවුන්ට එම ව්‍යාපාරවල පූර්ණ අයිතිය ලබා දීමට ඉදිරි මාස දෙක තුල කටයුතු කරන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.


නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන දින අනූවක රැඳවුම් නියෝග යටතේ රඳවගෙන සිටින දෙමළ මුස්ලිම් සන්ධානයේ නායක කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි මහතා පිළිබඳව පලවන ප්‍රවෘත්ති කපා දමන්නැයි ආරක්ෂ අමාත්‍යංශයේ ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ සහ ආණ්ඩුවෙන් නඩත්තු වන ‘ජාතික’ පුවත්පත්වලට බලපෑම් කරමින් සිටින බව මාධ්‍ය අංශ වාර්තා කරයි.

අසාද් සාලි මහතා අත්අඩංගුවට ගැනීමේ ක‍්‍රමවේදය ගැන විපක්‍ෂ නායකතුමන් පාර්ලිමේන්තුවේදී මතු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග‍්‍රාමාත්‍යතුමන් කියා සිටියේ, ‘‘ලංකා ආණ්ඩුවට විරුද්ධත්වය දැක්වීමේ හැඟීම් ඇවිස්සීම, එසේ හැඟීම් ඇවිස්සීමට තැත් කිරීම, වැසියන් අතර අසමගිය වර්ධනය කිරීමට තැත් කිරීම වැනි දණ්ඩ නීති සංග‍්‍රහයේ 120 වැනි වගන්තිය ප‍්‍රකාරව අසාද් සාලි මහතා අත්අඩංගුවට ගෙන ඇත.’’

මැයි 21 දින වැඩවර්ජනය සඳහා විවිධ සංවිධාන පෙළගැස්වීම වෙනුවෙන් අද දින කොළඹ නිපොන් හෝටලයේදී වෘත්තීය සමිති හා බහුජන සංවිධාන හමුවක් පැවැත්විණි.

රුපියල් 10,000 ක දීමනාවක් ලබා දෙමින් ආණ්ඩුව සිදු කරන්නේ මායාවක් යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික යොවුන් පෙරමුණ අද (2013-05-09 ) කොළඹ , රාජගිරිය ජාතික වතු කම්කරු ශාලාවේ පැවැත් වූ ප‍්‍රවෘත්ති සකච්ඡාවේදී ප්‍රකාශ කරනු ලැබීය.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මාධ්‍ය හමුව - 2013.05.09 දින කොළඹ කොම්පඤ්ඤවීදියේ නිපොන් හෝටලයේදී පැවැත්වීය. ජාතික සංවිධායක නාමල් කරුණාරත්න, උප ලේකම් ටී.බී. සරත්, විධායක සභික සුසන්ත කුමාර නවරත්න සහභාගි විය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර පවුලේ සාමාජිකයන් වර්තමාන තත්වය පිලිබඳව කරන ලද ප්‍රකාශය

යුද්ධය හේතුවෙන් විනාශයට පත් පලෛයි,ඉටාවිල් ප්‍රදේශයේ නැවත පදිංචි කිරීමේ කටයුතු මීට වසරකට පමණ පෙර සිදුවී ඇති නමුත් එම ප්‍රදේශයන්ගේ පුපුරණ ද්‍රව්‍ය නිසිලෙස ඉවත්කර නොතිබීමත් ප්‍රදේශය පුරා අධික විෂ සහිත සර්පයන් හේතුවෙන් නැවත තමන්ගේ ජීවිත අවදානමකට ලක්ව ඇති බවත් නැවත පදිංචිකලායැයි කීවද තමන් තවදුරටත් අවතැන් බව එම ජනයා ප්‍රකාශ කර සිටිති.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී එරට වාමාංශික පක්ෂ හා වෘත්තිය සමිති එක්ව මැයි දින පෙළපාලියක් සංවිධානය කරන ලද අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඕස්ට්‍රේලියානු ශාඛාවේ සාමාජිකයෝද ඊට සහභාගි වූහ.

ජනාධිපති කණිටු පුත් රෝහිත රාජපක්ෂ ඔහුගේ පෙම්වතිය සමග පසුගිය දිනක නුවරඑළිය සංචාරයේ යෙදෙන අතර තුර ටර්ෆ් ක්ලබ් වෙතට ගියේය.

වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව මගින් මැයි 21 වන දින කැඳවා ඇති දීපව්‍යාප්ත වැඩවර්ජනය සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ උපරිම සහාය ලබා දෙන බව අද (08) දින වෘත්තීය සමිති හා එම පක්‍ෂයේ නායකයින් අතර හමුවකදී පවසා තිබේ.

සමකාලීන විශ්ව විද්‍යාලයෙහිමූලික කාර්යභාරය වන්නේ අගතියෙන් තොරව සත්‍යය ගවේශණය පෙරදැරි කරගත් ඉගැන්වීම හා පර්යේෂණයයි. මෙම කාර්යභාරය ඉටුකර ගත හැක්කේ ඉගැන්වීම හා පර්යේෂණය කරගෙන යාම සඳහා බුද්ධිමය නිදහස හා විශ්ව විද්‍යාල ස්වාධීනත්වය පවත්වා ගැනීම ආවේනික හා ස්වාධීන ප්‍රමිතීන්/ ප්‍රමුඛතා සහ දේහාන්තරත්වයට අදාළ අයුරින් විවිධ විෂයධාරා විකාශනය මගින් බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.

ශ්‍රී ලංකාවේ විකල්ප පුවත්පත් කලාවේ පුරෝගාමියා වන ‘රාවය’ සංවාදශීලී පුවත්පතේ අයිතියෙන් 40% ක ප්‍රමාණයක් මිලදී ගැනීමට ජනාධිපති උපදේශකයෙකු වන සුප්‍රසිද්ධ ව්‍යාපාරික බැංකුකරුවෙකුද වන මිලින්ද මොරගොඩ මහතා එකග වී ඇතැයි තතු දත් ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ඉලංගෙයි තමිල් අරසුක් කච්චි පක්ෂයේ සම ලේකම් සහ යාපනය ප්‍රදේශයේ දෙමළ සමාජ ක්‍රියාකාරිකයෙකු වන සී.වී.කේ සිවඥානම් ගේ නිවසට ඊයේ (07) රාත්‍රී 11.45 ට පමණ ශ්‍රී ලංකා ආරක්ෂක අංශයට සම්බන්ධ පිරිසක් විසින් පහර දී ඇති බව වාර්තා වෙයි. ඊයේ රාත්‍රියේදී ඔහුගේ නිවස ගල්වලින් පහර දී නිවසේ වීදුරු වලට හානි පමුණවා පිරිස අවට අසල්වාසීන් එක්රුස්වීමේදී එම ස්ථානයෙන් පළාගොස් ඇත.

මාතලේ සමූහ මිනී වල සම්බන්ධයෙන් මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ අද (08) විභාග වූ නඩුවට පෙත්සම් කරුවන් 13 න් දෙනෙක් විසින් දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කළහ. 88-89 සමයේ අතුරුදහන් වූ තම ඥාතීන්ගේ අස්ථි මාතලේ සමූහ මිනී වළෙහි ඇති බවට සැක සහිත බැවින් ඒවා පිළිබඳව පරීක්‍ෂණයක් කරන ලෙස දිවුරුම් පෙත්සම් මගින් ඉල්ලා සිටියහ.















