Lanka News Web

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉල්ලා සිටින්නේ රජය එක්සත් ජාතීන්ගේ 2013 මාර්තු මානව හිමිකම් කවුන්සල සැසිවාරයේදී පැවසූ ආකාරයට උතුරු පළාත් සභා මැතිවරයණය මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

අධ්‍යාපනය පිළිබඳ විශ්වවිද්‍යාල සිසුන් ඉදිරිපිට විවෘත සංවාදයකට එනන් කියලා එස්.බී. ඇමතිවරයාට අභියෝග කරන බව ජනතා විමුක්ති පෙරමුණ විසින් 2013.06.13 දින බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්වූ විශේෂ ජනමාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටී.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

යුද්ධයෙන් පසුව නැගෙනහිර පළාතේ දෙමළ තරුණ තරුණයින් 300 දෙනෙකුට අධික පිරිසක් පැහරගෙන ගොස් ඝාතනය කර ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පොන් සෙල්වරාසා ප්‍රකාශ කර සිටී.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

උතුරු පළාත් සභා මැතිවරණය කල්යෑමේ තත්වයක් පවතින බව වාර්තා වෙයි. 13වැනි සංශෝධනය, පළාත් සභා ක්‍රමය සම්බන්‍ධයෙන් පවතින අර්බුදකාරි තත්වය හේතුවෙන් මෙලෙස උතුරු පළාත් සභා මැතිවරණය කල්දැමිය හැකි බවට අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසා තිබේ.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

'කටවුට්වල තිබෙන මනුෂ්‍යයත්වය අනුව ආණ්ඩුව වැඩ කළ යුතුයි.රාජපක්‍ෂ රෙජිමය ධීරව ජනතාවගේ මේ විනාශයට වගකිව යුතු' යැයි 2013-06-11 දින පැවැති බේරුවල, බලපිටිය ප‍්‍රදේශයන්හි විපතට පත් ධීවර ප‍්‍රජාව මුණගැසීම සඳහා සිදු කළ සංචාරයේදී මාධ්‍යවේදීන් අමතමින් එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන ලදී.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

මෛත්‍රී,නිමල්,ෆවුසි ඇතුළු ඇමැතින් 5 කට එරෙහිව ,දේශපාලන වශයෙන් ඔවුන් කොන් කිරීමේ මෙහෙයුමක් ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ සාමාජිකයකුගේ අනුදැනුම ඇතිව ක්‍රියාත්මක වන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

පසුගිය 08වැනි දින උදෑසන හමා ගිය දැඩි සුළඟින් විපතට පත් ධීවරයින්ගේ මළ සිරුරු 50කට අධික සංඛ්‍යාවක් මේ වන විට වෙරළට ගොඩගසා තිබේ. මේ දැඩි ශෝකජනක අවස්ථාවේ පවා දැකිය හැක්කේ, ආණ්ඩුවේ විවිධ ආයතන ධීවර මරණවලට තමන් වගකිව යුතු නැති බවටත් වගකිව යුත්තේ අනෙකා බවටත් එකිනෙකාට ඇඟිල්ල දිගුකරගැනීමේ හාස්‍යජනක රංගනයන් බව ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

ජීවිතක්‍ෂයට පත් ධීවර ජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා ගිය එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා ගමන් ගත් වාහන පෙළට මැර ප‍්‍රහාර එල්ල කරමින් ඒ මිනිසුන්ට අවසන් ගෞරව දැක්වීම වැළැක්වීමට ගත් ඉතාම පහත් උත්සාහය අප දැඩි පිළිකුලෙන් යුතුව තරයේ හෙළාදකින අතර, මේ සිද්ධිය සම්බන්ධයෙන් සියලූ පාර්ශ්වයන්ගේ අප‍්‍රසාදය මේ වන විට පළ වී තිබෙන බව 2013-06-12 වැනි දින කොළඹ, රාජගිරිය ජාතික වතු කම්කරු සංගම් ශාලාවේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක් වූ එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ මහනුවර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර න ලදී .

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

කොන්ත්‍රාත් ක්‍රමයට මිනී මැරීමේ චෝදනාවන්ට ලක්ව දැනට රහස් පොලිසියේ රඳවා ප්‍රශ්න කරන නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ ශාමලී ප්‍රියදර්ශනී පෙරේරා සහ පුත්‍රයා වන රවිදු ගුණවර්ධන මිනී මැරුම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයා නියෝග කොට ඇත.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

පසුගිය දා සිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි මහත්මිය හමුවීමට ගොස් සාකච්ඡා පැවැත්වූ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (10) සවස ඉතාමත් අසභ්‍ය වචනයෙන් බැණ වැදී තිබේ.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

ලෝකය පුරා සිදුවන වර්ග සංහාරයන්ට එරෙහිව ඡායාරූශිල්පිනියක් ​, කලාකාරිනියක් වන නියෝමි නටාලීගේ ස්ථාපන කලාකෘතියක් වන "අස්ථි මිලියන එකක්" [One Million Bones] පසුගිය පසුගිය සෙනසුරාදා වොෂින්ටන් නගරයේදී පැවැත්වුනි. කෘතිම ලෙස අතින් තනන ලද මිනිස් අස්ථිවලට සමාන අස්ථි පිටියක් පුරා අතුරමින් කලාකෘතිය නිර්මාණය කිරීමට දහස් ගණනක් එකතූ වී සිටියහ.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

මහින්ද රාජපක්ෂ රජය විසින් 2005 වන විට ලාභ ලබමින් තිබූ රාජ්‍ය ආයතන වසර 7 ක් තුල එනම් 2012 වන විට පාඩු ලබන ආයතන බවට කරමින් ආසියාවේ ආශ්චර්ය මනාම පිළිඹිබු කොට තිබේ.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

පසුගිය දා ප්‍රගීත් සම්බන්ධ ප්‍රබන්ධය රාජපක්ෂ ජනාධිපතිවරයා,ඔහුගේ බුද්ධි අංශ සහ කෙහෙලිය රඹුක්වැල්ල එකතුව ගොඩ නැගීවක් බව මේ වනවිට ඉතා විශ්වාසනීය අරලිය ගහමන්දිර අභ්‍යන්තර ආරංචිමාර්ග ඔස්සේ අප වෙත ආරංචි වෙමින් පවතී.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

පසුගිය සදුදා රාත්‍රි​යේදී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් නාදුනන පිරිසක් විසින් පහර දී ඇති බව වාර්තා වෙයි.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

ශ‍්‍රී ලංගම තලංගම ඩිපෝව සතු භූමියෙන් අක්කර 04කට ආසන්න භූමි ප‍්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරියට පවරාගැනීමේ කුමන්ත‍්‍රණකාරී ක‍්‍රියාවලිය වැළැක්වීමට කඩිනමින් මැදිහත්වන ලෙස ඉල්ලා සිටීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලංගම බස් සංගමය විසින් ලිපියක් යොමු කර ඇත. එම ලිපිය පහතින් පලවේ.