යාපනය පොලීසියේ ත්‍රස්ථ විමර්ෂණ ඒකකය විසින් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍යයැයි කියමින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ මහ ලේකම් එස්.කජේන්ද්‍රන් ඊයේ දිනයේදී (20) යාපනය පොලීසියට කැදවා තිබේ.


විදුලි ගාස්තු වැඩි කිරීම මුල් කොට ගෙන අද (21) දිවයින පුරා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වේ. එයට විවිද රාජ්‍ය හා පුද්ගලික සේවකයන් දස දහස් ගණනක් සහභාගි වන බව වාර්තා වේ.

'ආණ්ඩුව දැන් වැටෙන කාලයයි. ආයෙත් නැගිටින්න බැහැ' යනුවෙන් 2013-05-20 වැනි දින ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ, සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවැත් එක්සත් ජාතික පක්‍ෂ සන්නිවේදන බලකා විශේෂ පුහුණු වැඩමුළුවේදී අදහස් දැක් වූ එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන ලදී.

අසාධාරණ ලෙස වැඩිකරන ලද විදුලි ගාස්තු අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට ලබා දී තිබෙන අයිතිය ප‍්‍රකාරව නීත්‍යානුකූල ආකාරයට ප‍්‍රකාශයට පත් කරන ලද මැයි 21 වැඩවර්ජනය නීති විරෝධී ආකාරයට බලහත්කාරය යොදමින් කරන ලද මැදිහත්වීම්වලට එරෙහිව අදාල දෙපාර්තමේන්තු හා අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට විරුද්ධව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බව වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුවේ කැඳවුම්කාර නියෝජිත අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සහෝදරයා unionslanka වෙත පැවසීය.

ලංකා විදුලි බල මණ්ඩලය තක්සේරු කළාට වඩා වැඩි වර්ෂාපතනයක් 2013 වසරේ මේ දක්වා ලැබී ඇති බැවින් ලංකා විදුලි බල මණ්ඩලයට මේ වසරේ විදුලි ගාස්තු ඉහළ නැංවීමට අවශ්‍ය නොවන බව ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය ලෙස අපි අවධාරණය කර සිටිමු.

කොළඹ සීඑම්යූ මූලස්ථානයේ 2013 මැයි 1 වැනි දින පැවැත්වෙන ලංකා වෙලඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමයේ (සීඑම්යූ) මෙම මැයි දින රැළිය, ඉතා අඩු මූලික වේතන ගෙවමින් හා තමන්ට හා තමන්ගේ පවුල්වලට යාන්තමින්වත් නඩත්තුවීම සඳහා සතියේ දින 6 ක්ම පෑ දෙකක් හෝ ඊට වැඩි කාලයක් අතිකාල සේවයේ යෙදීමල අවශ්‍ය බවට පත්කරමින් මේ රටේ ලක්‍ෂ සංඛ්‍යාත කම්කරු ජනයාටල නෛතික සීමාවන් කඩකරමින් දිනකට පෑ 8 කට වඩාත්, සතියකට පෑ 48 කට වඩාත්, සේවයේ යෙදීමට බලකරනු ලබන බව සැලකිල්ලට ගනී.

අද දිනයේ පටන් පැවැත්වෙන බව කියන බස් රථ වර්ජනය සම්බන්දයෙන් පිටකොටුව ගුණසිංහපුර බස් නැවතුම්පල අසල ප්‍රචාරක පත‍්‍රිකා බෙදමින් සිටි සමස්ථ ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු සහ උප සභාපති සම්පත් ගුණතිලක පොලිස් අත්අඩංගුවට ගෙන ගෙන ඇත.

ජනාධිපති ධූරයට තරඟ කිරීමේ කාලසීමාව වසර 4 සිට 3 දක්වාත් ජනාධිපති ධූර කාලය වසර 6 සිට 5 දක්වාත් අඩු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වන සංශෝධනය ගෙන ඒම මගින් ලබන වසරේ මාර්තු මාසයේ දී ජනාධිපතිවරණයක් කැඳවීම සඳහා ආණ්ඩුව බලාපොරොත්තු වුව ද ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට 2/3 ක බලයක් නොමැතිවීමේ තත්වයක් යටතේ ආණ්ඩුව අර්බුදයකට මුහුණ දී ඇති බව අනාවරණය වේ.

මේ වෙනකොට වැඩවර්ජනය සඳහා සියළු වැඩකරන ජනතාව සූදානම්ව සිටින බවත් වැඩවර්ජනය කඩාකප්පල් කිරීමට ආණ්ඩුව විවිධ කුමන්ත‍්‍රණය කරමින් ජනතාව බිය ගැන්වීම සඳහා ආයතනවලට ලිපි යවමින් සිටින බවත් එවැනි ක‍්‍රියාමාර්ග වලින් ආණ්ඩුව වැඩවර්ජනයට කොතරම් භය වී සිටින බව දැනගත හැකි බවත් අද පැවති මාධ්‍ය හමුවකදී ලාල් කාන්ත සහෝදරයා පැවසීය.

මාතලේ සමූහ මිනී වළෙන් හමුවූ මිනිස් අස්ථි පිළිබදව භාරව සිටින සහ මූලික වෛද්‍ය පරීක්ෂණ කළ මාතලේ දිසා මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන මහතා කුරුණෑගල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා ලෙස වහාම මාරුකර යවා ඇත.

වැඩිකල විදුලි බිලට එරෙහිව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ප‍්‍රධානත්වයෙන් මැයි 31 දින සංකේත වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ජනතාවගේ බඩට වැදෙන ලෙස වැඩිකල විදුලි බිලට එරෙහි සංකේත වර්ජනයට අප ව්‍යාපාරය හා ඒකාබද්ධ වී ඇති වෘත්තීය සමිති වල ද සහාය පලකරන්නෙමු.

21 දින ප‍්‍රකාශයට පත් කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තුවලට ආණ්ඩුව මගින් නිවාඩු අවලංගු බවට ලිපි යවා ඇති බව විවිධ ආයතන ආරංචි මාර්ග පවසයි.

සෞඛ්‍ය සේවාවේ උපස්ථායක තනතුරු සඳහා බඳවා ගැනීමට 2013.05.19 දින දිවයින පුරා විභාග මධ්‍යස්ථාන වලදි තරඟ විභාගයක් පැවැත්වීමට නියමිතව තිබුණි.

වෘත්තීය සමිති සාමාජිකයින් වෙත තර්ජනය කර හෝ මර්දනය කරමින්, බොරු නිවේදන නිකුත් කරමින් 21 වැඩවර්ජනය කඩාකප්පල් කළ නොහැකි බවත් එය නතර කිරීමට නම් විදුලි බිල අහෝසි කළ යුතු බවත් සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය පවසා සිටී. එම සංගමය නිවේදනයක් මගින් මේ බව පවසා සිටින අතර එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

දශක හයකට වැඩි කලක් ලාංකේය වාමාංශික ව්‍යාපාරයේ නියැලි වතු කම්කරු නායකයෙක් දිවියෙන් සමුගත්තේය.














