අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට අද(07) පෙරවරුවේ සන්නද්ධ පුද්ගලයින් 4 දෙනෙකු කළ පහර දීම ඉහළම දේශපාලන මැදිහත්වීමක් මත සිදු කරන ලද්දක් යැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අප වෙත වාර්තා කරයි.


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා 2012.10.05 දින මාධ්‍ය හමුවකට සහභාගි විය. ඔහු දක්වන අදහස්වලින් උපුටා ගත් තොරතුරු පහත දැක්වේ.

දේශපාලන කටයුතු කෙරෙහි දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින අනෝමා ෆොන්සේකා මහත්මිය ලගදීම ශ්‍රී ලංකාවෙන් සමුගෙන ඇමරිකාවේ පදිංචියට යැම සඳහා සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වේ.

මාතලේ දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා විසින් දිගු කලක සිට පවත්වාගෙන ආ නීති විරෝධී ස්ප්‍රීතු ස්කාගාරයක් අතටම අල්ලා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වී ඇති බව වාර්තා වේ.

‘මගේ ශාස්තෘන් වහන්සේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේ. උන්වහන්සේගේ ඉගැන්වීම අවිහිංසාවාදයයි. අපි කටයුතු කරන්නෙත් ඒ අවිහිංසාවාදී පදනම උඩ ඉඳගෙනයි. සාමයට ලැදි, මිනිස්සු ජීවත් වෙන රටක් හැටියට අපි ලේ වලට කැමති නැහැ. අපි ආයුධ වලින් කරන ගනුදෙනු වලට කැමති නැහැ.’

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නාය මහතා විසින් 2012 ඔක්තෝම්බර් 05 වන දින මාධ්‍ය සාකච්ඡාවක් ඇමතීය.එයින් උපුටාගත් කරුණු පහත දැක්වේ.

විනිමය හා සුරැකුම් පත් කොමිසමේ සභාපති නාලක ගොඩහේවා මහතාගේ වර්තමාන ක්‍රියාකලාපයන් පිළිබඳව එක්සත් ජාතික පක්ෂය විසින් පොදු ව්‍යවසාය පිළිබඳ කමිටුවට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

විනිමය හා සුරැකුම් පත් කොමිසමේ සභාපති නාලක ගොඩහේවා මහතා විසින් එම කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් අරිත් වික්‍රමනායක මහතාට එහි සාමාජිකයින් ඇමතීම සඳහා පසුගිය සතියේ ආරාධනාවක් කර තිබේ.

ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත සේනානායක මහතා සිය යකඩ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා, ඔහුගේ ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයන්ට බලපෑම් කිරීමට සුදු වෑන්වලින් පැමිණෙන කණ්ඩායමක් යොදවා ඇති බව වාර්තාවේ.

මේ දිනවල එක්සත් ජාතීන්ගේ වාර්ෂික සැසිවාරයට සහභාගිවීම සඳහා ඇමරිකාවේ නිව්යෝක් නුවරට ගොස් සිටින ශ්‍රී ලාංකික දූත පිරිසේ සාමාජිකයෙකු වන අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතාට නැගෙනහිර පාවාදීම වෙනුවෙන් අවශ්‍ය ඕනෑම ආකාරයකට බඩ කට පුරා සංග්‍රහ කරන ලෙස ජනාධිපතිවරයා විසින් ඔහුගේ රහස්යෙ මූල්‍ය උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට නියම කර ඇති බව නිව්යෝක් නුවර ආරංචි මාර්ග සඳහන් කරයි.

අල්ලස් කොමිසමේ වර්තමාන සභාපතිවරයා වශයෙන් කටයුතු කරන හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැදි මහතාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් එම කොමිසමේ අනෙක් කොමසාරිස්වරුන්ගේ දැඩි දෝෂ දර්ශනයට සහ අප්‍රසාදයට ලක් වී ඇතැයි එම කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

සන්ඬේ ලීඩර් පුවත්පත මිලදී ගත් ව්‍යාපාරික අසංග සෙනවිරත්නගෙන් දෙවසරක වැටුප් වන්දියක් වශයෙන් ලබා ගෙන ඇති සන්ඬේ ලීඩර් කතුවරිය එම පුවත්පත් ආයතනයේම සිංහල පුවත් පත වූ ඉරුරැස හි නියෝජ්‍ය කර්තෘ වූ ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් ජයසේකර ගෙදර යවා ඇත්තේ හිස් අතින් බව ලංකා නිව්ස් වෙබ් අඩවියට වාර්තා වේ. සුනිල් ජයසේකර මහතා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වත්මන් ප‍්‍රධානියා ය.

‘‘පසුගිය 24 වැනිදා සිට 28 වැනිදා දක්වා ආචාර්යවරුන්ගේත් ශිෂ්‍යයින්ගේත් පාගමන් දෙකක් පැවැත් වුණා. ඒ පාගමන් දෙක අවසන් වූ වහාම, සැප්තැම්බර් 29 වැනිදා සිට ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රවෘත්ති විකාශන සහ දේශපාලන වැඩසටහන් මගින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අවලාද ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.

දැනට පෑලියගොඩ කොළඹ අපරාධ කොට්ඨාශ (CCD) මූලස්ථානය තුළ දරුණු වද හිංසාවට ලක්වන පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු අප වෙත ලැබී තිබේ.

අධ්‍යාපනයේ අර්බුදය කුමක්ද? සටන කොතැනද? යන තේමාව යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද සම්මන්ත‍්‍රණයක් 2012.10.01 වැනිදා පස්වරුවේ කොළඹ, මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත් විණි.














